Friday, July 4, 2014

මාළු පාන්

රසවත් මාළු පාන් නිවසේදීම සාදා ගනිමු.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි ග්‍රෑම් 750 
  • මාගරින් හෝ බටර් ග්‍රෑම් 100
  • දිය ලුණු කුඩු තේ හැඳි 1 - 1/2 
  • යීස්ට් ග්‍රෑම් 12 පැකට්ටුවක්
  • මද රස්නෙ කිරි කෝප්පයක්
  • මද රස්නෙ වතුර කෝප්ප 1/2 යි
  • ගසා ගත් බිත්තර 2 යි
  • සීනි තේ හැඳි 1 - 2 1/2 
  • පාන්වල තවරා ගැනීම සඳහා බිත්තර කහමදයක් හා සීනි තේ හැඳි 1/2ක් පමණ

මාළු  මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • මාළු හෝ සාඩින් ග්‍රෑම් 250 
  • අල ග්‍රෑම් 500
  • ලොකුළූණු ග්‍රෑම් 250
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • කරදමුංගු ස්වල්පයක්
  • කරපිංචා සහ කොත්තමල්ලි කොල ස්වල්පය බැගින්
  • ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු සහ ලුණු කුඩු ස්වල්පය බැගින්
  • අමු මිරිස් කරල් 5ක් පමණ
  • ළූණු සහ සුදු ළූණු
  • දෙහි ස්වල්පයක්
  • Fortune Cooking තෙල්
සාදන  ක්‍රමය

  1. අල තම්බා පොඩි කර ගන්න. මාළු හෝ සැමන් තම්බා පොඩිකර ගන්න.
  2. ළූණු සහ අමු මිරිස්, සුදු ළූණු, ඉඟුරු, කරපිංචා, කොත්තමල්ලි කොල හීනියට ලියා ගන්න.
  3. Fortune Cooking තෙල් රත්කර එයට සුදු ළූණු, ඉඟුරු හා ලියා ගත් ළූණු දමා  බැද ගන්න. එය රන්වන් පාට වූ පසුව මාළු, අල හා අනෙකුත් ද්‍රව්‍ය දමා කලවම් කර තම්බා නිවෙන්නට හැර පදමට ලුණු ඇඹුල් දමා ගන්න.
  4. පාන් පිටි හලා ගෙන පිරිසිදු වියලි පොඩි බේසමකට දමා ගන්න. බටර්, දියලුණු කුඩු සමඟ පාන් පිටි හොඳින් මිශ්‍ර කරගන්න. මැද වළක් සේ සාදා ගන්න.
  5. මේ අතර යීස්ට් ටික මද රස්නය ඇති වතුර හා සීනි සමඟ මිශ්‍ර කර පිපෙන්නට තබන්න.  විනාඩි 10 - 15 වන විට මෙය හොඳින් පිපී උඩට එයි.
  6. මේ මිශ්‍රණය කලින් සාදා ගන්නා ලද පිටි මිශ්‍රණයේ වලට දමන්න. කිරි සහ ගසා ගත් බිත්තර ද මෙයටම එකතු කර හොඳින් අනා ගන්න. (වැඩිපුර තද ගතියෙන් යුක්ත නම් වතුර ස්වල්පයක් හෝ වඩා බුරුල් නම් පිටි හෝ මිශ්‍ර කර අතේ නොඇලෙන තරමට බෝලයක් සාදා  ගන්න)
  7. මෙම බෝලය ටික ටික ගෙන තෙල් තවරන ලද මතුපිටක දමා හොඳින් අත් ගසා ගන්න. මෙහිදී අත්ල මේසය මතට තද කරමින් පිටි මෝලිය දිග් අතට අත් ගැසීම වැදගත්. විනාඩි 15ක් මේ ලෙස අත් ගැසූ පිටි මෝලිය හොඳින් රවුම් කර තෙල් ස්වල්පයක් තවරා බේසමට දමන්න.
  8. තෙමනලද  රෙදි කැබැල්ලකින් වසා පැ 1 1/2 - 2 ක් පිපෙන්නට  තබන්න. හොඳින් පිපුන පසු මෙම පිටි මෝලිය දෙගුණයක් තරම් වනු ඇත.
  9. මෙය අතින් තද කර ආයෙමත් පෙර ප්‍රමාණයට  ගෙන තවත් විනාඩි දහයක් පමණ තබා කුඩා ප්‍රමාණයේ රවුම් සාදා ගන්න.
  10. මෙය ලෑල්ලක තුනී කර ඒ මැදට මාළු මිශ්‍රණය දමා ලියුම් කවරයක් ලෙස තුන්මුලස් ආකාරයට නවා ගෙන බිත්තර සුදුමද වලින් අලවා ගන්න.
  11. මෙම මාළු පාන් තවත් පැය 1/2 ක් පිපෙන්නට තබන්න.
  12. ඊට පසුව බිත්තර කහමද හා සීනි උඩින් තවරා (බ්‍රශ් කර) සෙල්සියස් අංශක 200 ක උෂ්ණත්වයකින් යුතු පෝරණුවක විනාඩි 15 - 20 ක්  පුලුස්සා ගන්න. 


Image courtesy: Sharmiladabare

No comments:

Post a Comment