Friday, August 14, 2015

පැටිස් නිවසේදී සාදා ගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි 200 g
බටර් 20 g
බිත්තර 1
ලුණු ,ගම්මිරිස්
බේකින් පවුඩර් තේ හැදි ¼
තම්බා ගත් ඉස්සන් කීපයක්
ලූනු පෙති

Fortune තෙල් 

සාදන ක්‍රමය

පාන් පිටි හා බේකින් පවුඩර් එකට හලා ගන්න. බටර් ලුණු ,ගම්මිරිස් බිත්තර පාන් පිටි යන සියල්ල එකට දමා ඝන මිශ්‍රණයක් සාදා පැය ½ක් පිපෙන්නට හරින්න.පසුව එම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ලෑල්ලක් මත තුනී කර රවුම් සාදා ගන්න.එවැනි රවුම් 10ක පමණ එක සමානව සාදා ගන්න.දැන් ඉන් රවුම් 5ක ගෙන ඒ මත ඉස්සෙක් හා ලූනු පෙත්තක් තබා අනෙක් රවුමෙන් වසන්නතදැන් ඒ රවුම් 02කම සීල් වන ආකාරයට ගෑරුප්පුවකින් වටේට තද කරන්න.මේ ආකාරයට සියල්ලම සාදා
ගත් පසු Fortune තෙල් යොදා රන්වන් පැහය එනතුරු බැදගන්න. 



Friday, August 7, 2015

මාළු ඇඹුල්තියල්


අවශ්‍ය ද්‍රව්‍ය

කෙලවල්ලා හෝ තලපත් මාළු ග්‍රෑ 500
කුඩා ගොරකා කැබලි 5ක් පමණ
ලුණු වතුර
කරපිංචා‍


සාදන ආකාරය

පළමුවෙන්ම මාළු කැබලි වලට කපා සෝදාගෙන හොදින් දිය බේරාගන්න. දැන් ගොරකා තම්බා තලපයක් සේ අඹරා ගන්න. මෙයට ලුණු වතුර ස්වල්පයක් බැගින් ලුණු ඇඹුල් දැනෙන පදමට එක්කර ගන්න. දැන් මෙම මිශ්‍රණයට මාළු කැබලි එකතුකරන්න. ඉන්පසු මැටි හට්ටියක කරපිංචා තට්ටුවක් අතුරා ඊට උඩින් මාළු කැබලි අතුරා වැඩි ඉස්ම ප්‍රමාණයද එයට දමා වසා මදගින්නේ තබා හින්දවා ගන්න. 

අවශ්‍ය නම් මෙයට ගම්මිරිස් කුඩු ස්වල්පයක්ද, බැදපු තුනපහ හැදි බාගයද, මිරිස්කුඩුද එකතුකර සාමාන්‍ය නිවසක මාළු මිරිසට සාදන ආකාරයට වුවද සාදා ගත හැකියි.




Sunday, August 2, 2015

Yeung Chow Fried Rice


අවශ්‍ය ද්‍රව්‍ය

කටු හා‍ පොතු ඉවත්කරගත් ඉස්සන් ග්‍රෑ 100
කුකුල් මස් ග්‍රෑ 50
පිසගත් බාස්මතී බත් ග්‍රෑ 500
බිත්තර 4
තම්බාගත් ග්‍රීන් පීස් ග්‍රෑ 10
කුඩාවට කපන ලද කළු හතු හෝ බට්න් හතු ග්‍රෑ 10
රසකාරක තේ හැදි 1/2
සුදු ගම්මිරිස් කුඩු 
ලුණු අවශ්‍ය පමණට
කෝන්පිටි මේස හැදි 1
සීසම් තෙල් තේ හැදි 1/4
ලූණු කොල මේස හැදි 5
Fortune තේල් අවශ්‍ය තරම්

සාදන ආකාරය

ඉස්සන් සහ කුකුල් මස් කැබලි මතට ලුණු, ගම්මිරිස්, කෝන්පිටි, බිත්තර සාරු ටිකක් දමා මිශ්‍රකර තබන්න. මීලගට සාස්පානක් ලිප තබා Fortune තෙල් ටිකක් දමා රත්වූ විට පදම්කරගත් දෑ එයට දමා හැදිගාමින් හොදට පිසගන්න. දැන් එයටම ග්‍රීන්පීස්, කළු හතු හා බිත්තරද එක්කර ගනිමින් දිගටම කූරුගාමින් හැදිගාන්න. එයටම පිසගත් බත්, රසකාරක, සීසම් තෙල්, කුඩාවට කපාගත්ළූණු කොල එකතු කර හොදට කලවම්කර මදගින්නේ විනාඩි 3ක් පමණ වේලා තබා ලිපෙන් බා ගන්න. දැන් එය රසබැලීමට ඔබට අවස්ථාව උදාවී තිබේ.