Friday, October 2, 2015

කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

සැමන් 250
අල ග්‍රෑ100
ලියාගත් ළූණු ස්වල්පයක්
අමුමිරිස් කරල් කීපයක්
අමු තුනපහ තේ හැදි 1/4 පමණ
බිත්තර 1
රම්පේ, කරපිංචා, ගම්මිරිස් කුඩු හා ලුණු අවශ්‍ය පමණට
තක්කාලි හෝ දෙහි ඇඹුල් ස්වල්පයක්
බිස්කට් කුඩු
බැදගැනීමට Fortune පොල් තෙල්

සාදාගන්නා ආකාරය

අල තම්බා පොඩිකරගන්න. අමුමිරිස් සිහින්ව ලියාගන්න. තෙල් ස්වල්පයක් ලිපතබා ලියාගත් ළූණු, රම්පෙ, කරපිංචා, අමුමිරිස්, තක්කාලි, ගම්මිරිස්, අමුමිරිස් යන සියල්ල එයට දමා තෙම්පරාදු කරගන්න. අවසානයේ පොඩිකරගත් අල, මාළු එක්කර ලුණු ඇඹුල් රස බලා මිශ්‍රණයෙන් කුඩා බෝල සාදාගන්න. දැන් එම ‍බෝල බිත්තර සුදුමද වල හෝ පිටි සහ ලුණු ස්වල්පයකට බිත්තරයක් දමා සාදාගත් මිශ්‍රණයකට දමා බිස්කට් කුඩු දවටා ගැඹුරු තෙලේ බැදගන්න.