Thursday, October 23, 2014

චිකන් පකෝරා

පවුලේ සියල්ලන් සමඟ රසවිඳීමට චිකන් පකෝරා පහසුවෙන් සාදාගනිමු!

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුළු මස් (කටු සහ සම ඉවත්කර තරමක කැබලි ලෙස කපාගත්) ග්‍රෑම් 600
  • කඩල පිටි කෝප්ප 1/2
  • මිරිස් කුඩු තේ හැඳි 2
  • අඹරාගත් ඉඟුරු සහ සුදු ළූණු මේස හැඳි 2
  • අඹරාගත් අමුමිරිස් තේ හැඳි 1/2
  • ලුණු කුඩු / ගම්මිරිස් කුඩු රස පදමට
  • සීසනිං චිකන් කැට 1
  • සූදුරු ඇට තේ හැඳි 1
  • කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
  • ගරම් මසාල කුඩු මේස හැඳි 1
  • සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2
  • බිත්තර 1
  • Fortune Vegetable Oil
  • දෙහි යුෂ මේස හැඳි 2

සාදන  ක්‍රමය

  1. කුකුළු මස් ටික සෝදාගන්න. දැන් බිත්තර හැර අනෙකුත් සියලුම ද්‍රව්‍යයන් ටික බඳුනකට දමා අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එක්කර හොඳින් කලවම් කරගන්න.
  2. මෙයට මස් කැබලි ටික දමා පැය 4ක පමණ කාලයක් පදම් වීම සඳහා ශීතකරණයක තබන්න.
  3. ඉන්පසු බිත්තරයක් එකතුකර හොඳින් කලවම් කර ගැඹුරු තෙලේ බැඳගෙන උණුසුම්ව කෑමට ගන්න.

Image courtesy: Themirchi