Thursday, June 26, 2014

කරවිල අච්චාරු

ගුණයෙන් පිරි කරවිල, රසවත් ආකාරයකින් පිළියෙළ කර රස විඳිමු!

අවශ්‍ය ද්‍රව්‍ය

  • කරවිල ගෙඩි 4 ක්
  • වියලි මිරිස් අවුන්ස ½
  • සුදු ළූණු අවුන්ස ¼
  • අබ අවුන්ස ¼
  • අමු ඉඟුරු අවුන්ස ½
  • විනාකිරි අවුන්ස ¼
  • Fortune Cooking තෙල්
  • ලුණු


සාදන ක්‍රමය

  1. කරවිල වල ඇට ඉවත් කර දිග අතට පෙති කපා ගන්න.
  2. කපාගත් කරවිල, විනාකිරි දමා ලිප මත තබා තැම්බෙන්නට හරින්න.
  3. ඉන්පසු Fortune Cooking තෙල් වලින් එය රන්වන් පාට වනතුරු බැද ගන්න.
  4. වියලි මිරිස් අවුන්ස ½, සුදු ළූණු අවුන්ස ¼, අබ අවුන්ස ¼, අමු ඉඟුරු අවුන්ස ½ ගෙන විනාකිරෙන් අඹරන්න. (උකු ගතිය වැඩිනම් ඉතිරි විනාකිරි එක්කොට මදක් දියකරගන්න)
  5. පළමුව රන්වන් පාට වනතුරු බැදගත් කරවිල වලට මෙම මිශ්‍රණය එක්කොට හොදින් කලවම් කරගන්න. දින කිහිපයක් වුවද තබාගෙන ආහාරයට ගත හැකිය.


Image courtesy: Mawbima

No comments:

Post a Comment