Friday, September 5, 2014

මිනිස්ට්‍රෝනි සුප්

ඔබටත් නිවසේදීම සාදාගතහැකි රසවත් ඉතාලි කෑම වට්ටෝරුවක් - මිනිස්ට්‍රෝනි සුප්!

අවශ්‍ය ද්‍රව්‍ය (4 දෙනෙක් සඳහා)

  • සිහින්ව එක හා සමාන ලෙස කපාගත් ලීක්ස් / බී ළූණු / සැල්දරි / කැරට් / රාබු / ගෝවා ග්‍රෑම් 50 බැඟින් 
  • අල / තක්කාලි / බෝංචි සහ ග්‍රීන් පීස් ග්‍රෑම් 50 බැඟින්
  • ස්පැගටි ග්‍රෑම් 100
  • Fortune Sunflower Oil මේස හැඳි 4
  • බේ කොළ 2-3
  • චොප් කරගත් මිශ්‍ර හර්බ්ස් තේ හැඳි 1
  • කුඩාවට චොප් කරගත් සුදු ළූණු මේස හැඳි 1
  • තක්කාලි පියුරි කෝප්ප 1/2
  • වතුර ලීටර 1
  • එළවළු සීසනිං කැට 1
  • ගම්මිරිස් කුඩු
  • චෙඩාර් චීස් මේස හැඳි 1
  • චොප් කරගත් චිකන් බේකන් ග්‍රෑම් 20
  • චොප් කරගත් පාර්ස්ලි තේ හැඳි 1


සාදන  ක්‍රමය

  1. සෝදා පිරිසිඳු කරගත් එළවළු කැබලි ටික සිහින්ව එක සමාන ලෙස කපාගන්න.
  2. සුප් එක පිසින භාජනයට Fortune Sunflower Oil ස්වල්පයක් දමා රත්වන විට බේ කොළ, හර්බ්ස්, බී ළූණු, සුදු ළූණු ටික දමා යන්තම් තෙම්පරාදු කරගන්න.
  3. එයටම කපාගත් එළවළු එකතු කර තෙම්පරාදු කර ගන්න.
  4. දැන් මෙයට වතුර, සීසනිං එළවළු කැට සහ තක්කාලි පියුරි දමා කලවම් කර එයට ස්පැගටි තරමක කැබලි වලට කඩා දමා තම්බාගන්න.
  5. අවශ්‍ය නම් ලුණු සහ ගම්මිරිස් ටිකක් දමා පදම් කර ගෙන බේකන් පෙබල්ස් දමා උණුසුම්ව පිළිගන්වන්න.

බේකන් පෙබල්ස් සාදන ක්‍රමය

  1. චෙඩාර් චීස්, චොප් කරගත් චිකන් බේකන් සහ පාර්ස්ලි එකට එක්කර හොඳින් කලවම් කරගන්න.
  2. මෙම මිශ්‍රණය ග්‍රීන් පීස් ඇටයක ප්‍රමාණයට බෝල ලෙස සකසා ශීතකරණයක දමා සෙට් කරගත් පසු සුප් එක උණුසුම්ව පිළිගන්වනවිට මෙම පෙබල්ස් දමා පිළිගන්වන්න.
Image courtesy: Hellawella