Thursday, June 11, 2015

බිම්මල් කරිය

බිම්මල් කියන්නේ අපි හැමෝම කැමති කෑමක් ඔන්න අද කියල දෙන්නේ බිම්මල් කරියක් හදන විදියයි. 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බිම්මල් ග්‍රෑම් 350 
  • කපාගත් රතුලූනු ග්‍රෑම් 50
  • කපාගත් අමු මිරිස් කරල් 04
  • සුදුලූනු බික් 04
  • කරපිංචා කිනිත්තක්
  • තුන පහ කුඩු තේ හැඳි 1/2
  • තක්කාලි ගෙඩි 01
  • පදමට ලුණු 
  • ෆොර්චූන් තෙල් මේස හැඳි 02 
  • මිටි කිරි අඩු කෝප්ප 01

සාදන ක්‍රමය

  • බිම්මල් තරමක ලොකු කෑලි වලට කපාගන්න. 
  • මැටි වලඳක් ලිප තබා එයට ෆොර්චූන් තෙල් එක්කර රත්වන විට රතුලුනු සුදු ලූනු අමු මිරිස් රම්පේ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. 
  • දැන් මෙයට සියළුම තුනපහ වර්ග ද එකතු කර විනාඩි 02 ක් පමණ තෙම්පරාදු කර කපාගත් බිම්මල් ද එක්කර තවත් විනාඩි 04 ක් පමණ තෙම්පරාදු කර මිටිකිරි දමා හින්දවා ලිපෙන් ඉවතට ගන්න.



Monday, June 8, 2015

Onion rings


Ingredients:

1 egg
1/4 cup of Fortune cooking oil
1 cup of milk
1 cup of flour
1/2 tea spoon of salt
1 tea spoon of baking powder
2 large sweet onions, sliced
1/2 cup of flour for coating onions
Fortune cooking oil for frying 


Method:

Mix egg, oil and milk on low speed mixer for one minute. Add flour, salt, baking powder and mix until smooth. Coat the onion slices in flour and dip them in the batter. Fry them until they are golden brown.

Serve

Thursday, June 4, 2015

ලුණු කුඩු සහ ගම්මිරිස් මිශ්‍ර ඉස්සෝ

අවශ්‍ය ද්‍රව්‍ය:

ඉස්සෝ පවුම් එක හමාරක්
ගම්මිරිස් තේ හැන්දක්
ලුණු තේ හැදි එක හමාරක්
ෆොර්චුන් කුකින් ඔයිල්
කොටා ගන්නා ලද පෙපර් කෝර්න් තේ හැන්දක්
සිහින්ව කපා ගත් කොච්චි කරලක්
කරපින්චා

සාදන ක්‍රමය:

ඉස්සන් මැදින් පලා ගන්න. බදුනකට පලා ගත් ඉස්සන් දමා ගම්මිරිස් සහ ලුණු කුඩු එක්කර අනා ගන්න. තාච්චියකට ෆෝර්චුන් තෙල් දමා මද ගින්නේ රත් කර ගන්න. රන් වන් පැහැ ගැන්වෙන තුරු ඉස්සන් බැද ගන්න. පෙපර් කෝර්න්, කරපින්චා, කොච්චි සහ තවත් ලුණු කුඩු ස්වල්පයක් එක් කර අනා ගන්න. 


පිළිගන්වන්න.