Sunday, November 15, 2015

නූඩ්ල්ස් ඇන්ඩ් ටොමැටෝ

අවශ්‍ය ද්‍රව්‍ය

නූඩ්ල්ස් ග්‍රෑම්  200
කත්කාලි ග්‍රෑම් 200
චිකන් හැම් ග්‍රෑම්  150
කැපූ පාස්ලි තේ හැදි 3ක් පමණ
ගම්මිරිස් කැබලි ස්වල්පයක්
සිහින්ව කැපූ සුදුළූණු ස්වල්පයක් 
Fortune තෙල් තේ හැදි 2 හා ළූණු ස්වල්පයක්

සාදන ආකාරය

නූඩ්ල්ස් ටික තම්බා පසෙකින් තබා ගන්න. රස්නේ භාජනයකට තක්කාලි දමා විනාඩි 5ක් පමණ තබා සිවිය ඉවත්කර පෙති කපාගන්න. Fortune තෙල් ලිපතබා සුදු ළූණු බැදෙන විට චිකන් හැම් කැබලි වලට කඩා බැදගන්න. අනතුරුව නූඩ්ල්ස්ද කලවම් කරන්න. ලුණු හා ගම්මිරිස් එක්කර තක්කාලි පොඩි නොවන සේ කලවම්කර පාස්ලි එක්කර ගන්න.



ණු හා ගම්මිරිස් එක්කර තක්කාලි පොඩි නොවන සේ කලවම්කර පාස්ටිඑක්කර ගන්න.සුදු ළූණු බැදෙන විට හැම් කැබලි වලට කඩා බැදගන්න. අනතුරුව නූඩ්ල්ස්ද කලවම් කරන්න. ලුණු හා ගම්මිරිස් එක්කර තක්කාලි පොඩි නොවන සේ කලවම්කර පාස්ටිඑක්කර ගන්න.

Thursday, November 5, 2015

තායි ක්‍රමයට සකසාගත් මාළු

අවශ්‍ය ද්‍රව්‍ය

ග්රෑම් 350 ක පමණ ගල් මාළුවෙක්
Fortune එළවළු තෙල් මිලිලීටර් 750
තක්කාලි සෝස් මේස හැඳි 3ක්
සෝයා සෝස් මේස හැඳි 2ක්
ඔයිස්ටර් සෝස් මේස හැඳි 2ක්
චිලි පේස්ට් මේස හැඳි 3ක්
වාෂ්පීකරණය කල හෝ පොල්කිරි මිලිලී‍ටර් 250
ලුණ, ගම්මිරිස්, සීනි, අජිනමොටෝ, සීනි, කෝන් පිටි අවශ්‍ය තරමට

සාදාගන්නා ආකාරය

කොරපොතු හා වරල් ඉවත් කර මාළුවා පිරිසිදු කර ගන්න. ඉන්පසු වෙන් ‍නොවන සේ මැද කට්ට තෙක් මාළුවා කපා ගන්න. දැන් ලුණු, ගම්මිරිස් හිඩස් අතරින් දවටා කෝන් පිටි එම ද්‍රව්‍යයන් එළියට නොඑන සේ දවටන්න. ඉන්පසු මාළුවා රන්වන්පැහැ වනතුරු Fortune ගැඹුරු තෙලේ බැද ගන්න.


 චිලි පේස්ට් සාදා ගන්නා ආකාරය

සුදුළූණු ස්වල්පයක් තෙලේ දමා එයට සාදාගත් චිලිපේස්ට් දමා එය විනාඩියක් පමණ හැදි ගාන්න. ඉන්පසු එයට සෝස් වර්ග එකතු කරගන්න. දැන් එයට ලුණු, ගම්මිරිසි, අජිනමො‍ටෝ එකතු කරන්න. ඉන්පසු එයට ඔබ තෝරාගත් කිරි වර්ගය එකතු කර විනාඩියක් පමණ පදමට හැඳිගාන්න. දැන් එය තෙලේ බැදගත් මාළුවාගේ සිරුර මතට වත් කරන්න.‍ මේසයට යැවීමට පෙර පුංචි සැරසිල්ලකින් අලංකාර කරගන්න.




Friday, October 2, 2015

කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

සැමන් 250
අල ග්‍රෑ100
ලියාගත් ළූණු ස්වල්පයක්
අමුමිරිස් කරල් කීපයක්
අමු තුනපහ තේ හැදි 1/4 පමණ
බිත්තර 1
රම්පේ, කරපිංචා, ගම්මිරිස් කුඩු හා ලුණු අවශ්‍ය පමණට
තක්කාලි හෝ දෙහි ඇඹුල් ස්වල්පයක්
බිස්කට් කුඩු
බැදගැනීමට Fortune පොල් තෙල්

සාදාගන්නා ආකාරය

අල තම්බා පොඩිකරගන්න. අමුමිරිස් සිහින්ව ලියාගන්න. තෙල් ස්වල්පයක් ලිපතබා ලියාගත් ළූණු, රම්පෙ, කරපිංචා, අමුමිරිස්, තක්කාලි, ගම්මිරිස්, අමුමිරිස් යන සියල්ල එයට දමා තෙම්පරාදු කරගන්න. අවසානයේ පොඩිකරගත් අල, මාළු එක්කර ලුණු ඇඹුල් රස බලා මිශ්‍රණයෙන් කුඩා බෝල සාදාගන්න. දැන් එම ‍බෝල බිත්තර සුදුමද වල හෝ පිටි සහ ලුණු ස්වල්පයකට බිත්තරයක් දමා සාදාගත් මිශ්‍රණයකට දමා බිස්කට් කුඩු දවටා ගැඹුරු තෙලේ බැදගන්න.



Thursday, September 17, 2015

මාළු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

තෝර මාළු ග්‍රෑ 500
ලොකු ළූණු ගෙඩි 4
මාළු මිරිස් ග්‍රෑ 100
තක්කාලි ගෙඩි 2
අමු මිරිස් කරල් 5
මිරිස් කුඩු මේස හැදි 2
කෑලි මිරිස් තේ හැදි 1
තක්කාලි සෝස් මේස හැදි 5

Fortune  එළවළු තෙල් 
ඉගුරු ස්වල්පයක්

සාදන ආකාරය

තෝර මාළු කුඩා කැබලි වලට කපා සෝදා ලුණු, ගම්මිරිස් දමා අතගා විනාඩි 15ක් පමණ තබා Fortune එළවළු තෙල් යොදා ගැඹුරු තෙලේ බැද ගන්න. ලොකු ළූණු ගෙඩි 4ට පලා පියලි ගලවා ගන්න. මාළු මිරිස්වල ඇට ඉවත් කර කැමති හැඩයකට කපා ගන්න. තක්කාලි දිග අතට කපා ගන්න. තෙල් ලිපේ තබා රත්වූ විට තලාගත් ඉගුරු, සුදු ළූණු, කැපූ අමු මිරිස්, මාළු මිරිස්, ලුණු එකතු කරන්න. එය තෙම්පරාදු වූ විට කෑලි මිරිස්, මිරිස් කුඩු එක් කරන්න. තක්කාලි සෝස් හා වතුර ස්වල්පයක්ද එක් කරන්න. උකු ගතිය ඇතිවන විට තක්කාලි කැබලි දමා ඒවා තැම්බීගෙන ඒමට පෙර ලිපෙන් බා ගන්න.


Thursday, September 3, 2015

ඉස්සෝ ‍ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු ඉස්සන් ග්‍රෑ 500
බී ළූණු ග්‍රෑ 150
මාළු මිරිස් ග්‍රෑ 100
රතු තක්කාලි ග්‍රෑ 100
ගම්මිරිස් කුඩු තේ හැදි 2
ඔයිස්ටර් සෝස් තේ හැදි 2
චිලි සෝස් තේ හැදි 2
Fortune පොල්තෙල් හෝ එළවළු තෙල් කෝප්ප 1
කෝන්පිටි ග්‍රෑ 100
කහකුඩු ස්වල්පයක්
දෙහි ඇඹුල් තේ හැදි 2
පාසලි ග්‍රෑ 50
කජු මද ග්‍රෑ 20
ඉගුරු ඉස්ම කෝප්ප 1/2
ලුණු කුඩු අවශ්‍ය තරමට

සාදන ආකාරය 

ඉස්සන්ගේ ඔළු හා පොතු ඉවත් කරන්න. දැන් හොදින් සෝදා ගන්න. දැන් ලුණු කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු ටිකක් ඉස්සන්ගේ ගා ටික වේලාවක් තබන්න. Fortune තෙල් ලිපේ තබා රත්වන විට ඉස්සන් කෝන්පිටි වල තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

භාජනයක් ලිප තබා Fortune තෙල් තේහැදි 2ක් දමා රත් කරන්න. දැන් ඉගුරු ඉස්ම සෝස් වර්ග එකතු කරන්න. කපාගත් ළූණු, තක්කාලි, මාළු මිරිස්ද එකතු කරන්න. දැන් කජුමද ටික අඹරාගෙන එයද එකතු කරන්න. දෙහි යුෂ හා රසකාරකද යොදා හොදින් මිශ්‍ර කරන්න. ගම්මිරිස් කුඩු හා ලුණු කුඩුද මිශ්‍ර කරන්න. පැතලි දීසියක් ගෙන මෙම කරි මිශ්‍රණය ටිකක් දම්න්න. ඒ මතට බැදගත් ඉස්සන් අසුරන්න. ඉතිරි ටික ඉස්සන් උඩට වත් කරන්න. පාස්ලි කොල ටික කපා උඩින් ගසන්න.


Friday, August 14, 2015

පැටිස් නිවසේදී සාදා ගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි 200 g
බටර් 20 g
බිත්තර 1
ලුණු ,ගම්මිරිස්
බේකින් පවුඩර් තේ හැදි ¼
තම්බා ගත් ඉස්සන් කීපයක්
ලූනු පෙති

Fortune තෙල් 

සාදන ක්‍රමය

පාන් පිටි හා බේකින් පවුඩර් එකට හලා ගන්න. බටර් ලුණු ,ගම්මිරිස් බිත්තර පාන් පිටි යන සියල්ල එකට දමා ඝන මිශ්‍රණයක් සාදා පැය ½ක් පිපෙන්නට හරින්න.පසුව එම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ලෑල්ලක් මත තුනී කර රවුම් සාදා ගන්න.එවැනි රවුම් 10ක පමණ එක සමානව සාදා ගන්න.දැන් ඉන් රවුම් 5ක ගෙන ඒ මත ඉස්සෙක් හා ලූනු පෙත්තක් තබා අනෙක් රවුමෙන් වසන්නතදැන් ඒ රවුම් 02කම සීල් වන ආකාරයට ගෑරුප්පුවකින් වටේට තද කරන්න.මේ ආකාරයට සියල්ලම සාදා
ගත් පසු Fortune තෙල් යොදා රන්වන් පැහය එනතුරු බැදගන්න. 



Friday, August 7, 2015

මාළු ඇඹුල්තියල්


අවශ්‍ය ද්‍රව්‍ය

කෙලවල්ලා හෝ තලපත් මාළු ග්‍රෑ 500
කුඩා ගොරකා කැබලි 5ක් පමණ
ලුණු වතුර
කරපිංචා‍


සාදන ආකාරය

පළමුවෙන්ම මාළු කැබලි වලට කපා සෝදාගෙන හොදින් දිය බේරාගන්න. දැන් ගොරකා තම්බා තලපයක් සේ අඹරා ගන්න. මෙයට ලුණු වතුර ස්වල්පයක් බැගින් ලුණු ඇඹුල් දැනෙන පදමට එක්කර ගන්න. දැන් මෙම මිශ්‍රණයට මාළු කැබලි එකතුකරන්න. ඉන්පසු මැටි හට්ටියක කරපිංචා තට්ටුවක් අතුරා ඊට උඩින් මාළු කැබලි අතුරා වැඩි ඉස්ම ප්‍රමාණයද එයට දමා වසා මදගින්නේ තබා හින්දවා ගන්න. 

අවශ්‍ය නම් මෙයට ගම්මිරිස් කුඩු ස්වල්පයක්ද, බැදපු තුනපහ හැදි බාගයද, මිරිස්කුඩුද එකතුකර සාමාන්‍ය නිවසක මාළු මිරිසට සාදන ආකාරයට වුවද සාදා ගත හැකියි.