Tuesday, December 30, 2014

බීන් ස්ප්‍රවුට්ස් රෝල්ස්

මස් මාංශ වලින් තොර රසවත් ආහාර වේලක් සඳහා - බීන් ස්ප්‍රවුට්ස් රෝල්ස්!

අවශ්‍ය ද්‍රව්‍ය (4 දෙනෙක් සඳහා)

  • මුං බීජ පැළ ග්‍රෑම් 400
  • කළු හතු ග්‍රෑම් 10
  • සිහින් තීරු ලෙස කපාගත් බෙල් පෙපර්, ලීක්ස්, කැරට් ග්‍රෑම් 25 බැගින්
  • ස්ප්‍රිං රෝල් පේස්ට් 08
  • Fortune Oyster Sauce මේස හැඳි 02
  • ලුණු සහ සුදු ගම්මිරිස් කුඩු රස පදමට
  • බිත්තර 02
  • වතුර - බැටර් එක සඳහා අවශ්‍ය පමණට
  • පාන් පිටි ග්‍රෑම් 50
  • පාන් කුඩු ග්‍රෑම් 100
  • Fortune Corn Oil මේස හැඳි 02
  • කෝන් පිටි මේස හැඳි 02
  • සිහින්ව පෙති කපාගත් බී ළූණු ග්‍රෑම් 20
  • Fortune Vegetable Oil ගැඹුරු තෙලේ බැදගැනීමට අවශ්‍ය පමණට

සාදන ක්‍රමය

  1. පළමුව උතුරණ වතුර මත බහා එළවළු සියල්ල ක්ෂණිකව විනාඩි 2-3 පමණ තම්බාගෙන පසෙක තබාගන්න.
  2. දැන් පැතලි සාස්පානක් ලිප මත තබා එය රත්වන විට එයට Fortune Corn Oil දමා පළමුව කපාගත් ළූණු ටික එක්කර තෙම්පරාදු වන අතර එයටම ඉහත පිසගත් එළවළු ටිකද එක්කර හොඳින් කලවම් කරගන්න.
  3. දැන්මෙයට Fortune Oyster Sauce සහ රසකරකද එක්කර හොඳින් පදම් කරගන්න.
  4. වතුර ඉනුවහොත් පමණක් දියකරගත් කෝන් පිටි වලින් උකු ගතියට හරවාගන්න.
  5. දැන් මෙය විනාඩි 5ක පමණ කාලයක් තුල සිසිල් වීමට ඉඩ හැර ගලවාගත් ස්ප්‍රිං රෝල් කොල මතට වෙන වෙනම මිශ්‍රණයෙන් 1/8 පමණ තබා මෙය රෝලක ආකාරයට ඔතාගන්න.
  6. අවසානයට බිත්තර කහමද ස්වල්පයක් අලේපකර සීල් කරගන්න.
  7. දැන් පිටි, බිත්තර, ලුණු කුඩු සහ වතුර අවශ්‍ය පමණට යොදාගෙන හොඳින් කලවම් කරගෙන සාදාගත් බැටර් එක මතට මෙය බහා නැවත පාන් කුඩු මත මෙය දවටා රත්වු Fortune Vegetable Oil වල ගැඹුරු තෙලේ රන්වන් පැහැයට බැදගන්න.

Image courtesy: Labombonadivingkohtao

No comments:

Post a Comment