Monday, December 22, 2014

ක්‍රියේටිව් ක්‍රිස්මස් රයිස්

නත්තල් මේසය තවත් රසවත් කර ගැනීමට ක්‍රියේටිව් ක්‍රිස්මස් රයිස්!

අවශ්‍ය ද්‍රව්‍ය

  • තරමක කැබලි ලෙස කපාගත් කුකුළු මස්, තාරා මස් සහ කලුකුම් මස් (කටු ඉවත් කර) ග්‍රෑම් 150 බැගින්
  • බාස්මතී හාල් ග්‍රෑම් 400
  • වතුර - සහල් ප්‍රමාණය මෙන් 1 1/2
  • කුඩාවට කපාගත් ලොකු ළූණු ග්‍රෑම් 100
  • බේ ලීෆ් කොළ 02ක් පමණ
  • තයිම් හර්බ්ස් (කපා ගත්) ස්වල්පයක්
  • Fortune Cooking Oil
  • සීසනිං කුකුල් මස් කැට 01
  • බැදගත් කජු ග්‍රෑම් 50
  • බෙල් පෙපර් (වර්ණ 03න්ම කොටු ලෙස කපා) ග්‍රෑම් 150
  • කලු හතු සහ කලු පන්ගස් ග්‍රෑම් 40
  • සැෆ්රන් හෝ කහ කුඩු ස්වල්පයක්
  • කපා ගත් පාර්ස්ලි සහ තක්කාලි ස්වල්පය බැගින්
  • ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු රස පදමට

සාදන ක්‍රමය

  1. ප්‍රථමයෙන් කපාගත් මස් වර්ග සියල්ලම ලුණු, ගම්මිරිස් දමා පදම්කර පසෙක තබන්න.
  2. දැන් බත් පිසීමට ගන්නා බඳුන ලිප මත තබා එයට Fortune Cooking Oil ටිකක් දමා රත්වන විට එයට කපාගත් ලොකු ළූණු, බේ ලීෆ් කොළ සහ හර්බ්ස් ටිකද එක්කර යාන්තම් තෙම්පරාදු වන විට එයටම කලින් පදම් කරගත් මස් වර්ග ටිකද එක්කර නැවතත් තෙම්පරාදු කරගන්න.
  3. දැන් කපාගත් බෙල් පෙපර්, හතු වර්ග ටික සහ බැදගත් කජු ටිකද දමා තවත් ස්වල්ප වේලාවක් තෙම්පරාදු කර ඊට පසු කලින් සෝදාගත් සහල් ටිකද දමා කලවම් කරන්න.
  4. දැන් මෙයට අවශ්‍ය පමණට වතුර සහ සීසනිං කුකුල් මස් කැටය, සැෆ්රන්, ලුණු, ගම්මිරිස් දමා කලවම්කර හොඳට උතුරවා ගන්න.
  5. ඊට පසු මෙය මද ගින්නේ තවත් විනාඩි 15-20 අතර කාලයක් තුළ පිසගෙන අවසානයට කුඩාවට කපාගත් තක්කාලි සහ චොප් කරගත් පාර්ස්ලි ස්වල්පයක්ද දමා කලවම් කර සරසා ගන්න.
Image courtesy: Lifemadedelicious

No comments:

Post a Comment