Wednesday, December 17, 2014

චිකන් මෙරිලන්ඩ්

පවුලේ සැමටම නවමු රසවත් අත්දැකීමකට - චිකන් මෙරිලන්ඩ්!

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් බ්‍රෙස්ට් (වින්ග් බෝන් එක සමඟ) 08
  • පදම් කරගත් පාන් පිටි ග්‍රෑම් 25
  • ගසාගත් බිත්තර 02
  • පාන් කුඩු ග්‍රෑම් 50
  • Fortune Cooking Oil
  • සීසනිං කුකුල් මස් කැට 1/2
  • ලුණු, ගම්මිරිස් කුඩු රස පදමට

සැරසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • බැදගත් චිකන් බේකන් පෙති 08
  • හරි මැදින් දිග අතට පලු 2 කට කපාගත් බනානා ප්‍රිටර්ස් පලු 08
  • කෝන් ප්‍රිටර්ස් 08
  • බැදගත් පාර්ස්ලි පොකුරු 04
  • රතු පාට බෙල් පෙපර් පෙති 04
  • ගිණිකූරු හැඩයට කපා බැදගත් අල (ස්ට්‍රෝ පොටැටෝස්) ග්‍රෑම් 200

ප්‍රිටර්ස් බැටර් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි ග්‍රෑම් 100
  • බිත්තර 01
  • සීනි තේ හැඳි 01
  • වතුර අවශ්‍ය පමණට

සාදන ක්‍රමය

  1. ප්‍රථමයෙන් චිකන් බ්‍රෙස්ට් ලුණු සහ ගම්මිරිස් දමා හොඳින් පදම් කරගන්න.
  2. දැන් පාන්පිටි සමඟ සීසනිං කුකුල් මස් කැටය කුඩු කර මිශ්‍රකර පිටි පදම් කරගන්න.
  3. දැන් පදම් කරගත් කුකුල් මස් පිටි මත අතුරා හොඳින් ගසා ගන්න.
  4. අනතුරුව එය ගසාගත් බිත්තර සාරු මත තවරා පාන් කුඩු වල දවටා Fortune Cooking Oil වලින් ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගන්න.
  5. පසුව ප්‍රිටර්ස් බැටර් එක සඳහා අවශ්‍ය සියලුම ද්‍රව්‍ය එකට එක්කර විස්ක් එකකින් ගසාගෙන මෘදු බැටර් එකක් සාදාගන්න.
  6. ඊට පසු කෙසෙල් ගෙඩි පලු ටික සහ කෝන් ප්‍රිටර්ස් ද පාන් පිටි මත දවටා ගසාගෙන නැවත සාදාගත් බැටර් එක තුලට දමා මෙයද රන්වන් පැහැ වන තෙක් බැදගන්න.
  7. පසුව ඉහත බැදගත් කුකුල් මස් ටික පැතලි බඳුනකට ක්‍රමාණුකූලව අතුරාගන්න.
  8. මෙයට බැදගත් පාර්ස්ලි පොකුරක් සහ රවුම් පෙති ලෙස කපාගත් බෙල් පෙපර් කැබැල්ලක් තබා සරසා බැදගත් ස්ට්‍රෝ පොටැටෝස් සමඟ ආහාරය සඳහා පිළිගන්වන්න.
Image courtesy: Rosieandjim

No comments:

Post a Comment