Wednesday, June 4, 2014

ස්පයිසි ඉස්සන් ටෝස්ට්/ Spicy Prawn Toast

පහසු සහ රසවත් ස්පයිසි ඉස්සන් ටෝස්ට් සාදා බලන්න!

Image courtesy: Sweet Mandarin

අවශ්‍ය ද්‍රව්‍ය (5 දෙනෙකු සඳහා)
  • සැන්විච් පාන් පෙති 10
  • ඉස්සන් (පොතු හැර, අපද්‍රව්‍ය ඉවත්කර පිරිසිඳු කරගත්) 400g
  • අමු මිරිස් (ලොකු කැබලි කපාගත්) කරල් 2
  • ළුණු ගස් (කුඩා කැබලි කපාගත්) මේස හැඳි 4
  • කෑලි මිරිස්  මේස හැඳි 1 ½
  • දෙහි යුෂ තේ හැඳි 1
  • රටකජු (පොතු හැර, පියළි කරගත්) මේස හැඳි 3
  • බිම්මල් (කුඩා කැබලි කපාගත්) කෝප්ප 1
  • බටර් මේස හැඳි 1
  • බිත්තර 4
  • මාගරින් (දියකරගත්) මේස හැඳි 3
  • තක්කාලි සෝස් තේ හැඳි 1
  • තල මේස හැඳි 2
  • Fortune Cooking තෙල් (ගැඹුරු තෙලේ බැදීම සඳහා)


සාදන ක්‍රමය
  1. පාන් පෙති වල වාටි කපා ඉවත් කරගන්න.
  2. ග්‍රයින්ඩරයකට පොතු ඉවත්කර පිරිසිඳු කරගත්ඉස්සන් සහ අමු මිරිස් එක්කර හොඳින් අඹරාගන්න.
  3. භාජනයකට බටර් රත්කර එයට බිම්මල් කැබලි සහ ලුණු ස්වල්පයක් එක්කර රන්වන් පැහැගැන්වෙන තුරු බැදගෙන පසෙක තබන්න.
  4. භාජනයක් ගෙන එයට අඹරාගත් ඉස්සන්, කෑලි මිරිස්, ළුණු, ලුණු රසපදමට ද දමා බිත්තර 1 ක් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න.
  5. භාජනයක් ගෙන එයට ඉතිරි බිත්තර 3, දියකරගත් මාගරින් සහ ලුණු රසපදමට එක්කර හොඳින් ගසාගන්න.
  6. පෙර කපාගත් පාන් පෙති බිත්තර සාරුවල බහා පොඟවාගන්න.
  7. පොඟවාගත් පාන් කොටු මත සාදාගත් ඉස්සන් මිශ්‍රණය අඟල් ½ ඝනකමට තවරාගන්න.
  8. ඉන්පසු එය උඩින් තල ඇට ඉස රත් වූ ගැඹුරු තෙලට පලමුව ඉස්සන් මිශ්‍රණය තවරා ගත් පස බැදෙන්නට දමා ඒ පස දුඹුරු පැහැගැන්වුණු පසු අනෙක් පස හරවා ඒ පසද  දුඹුරු පැහැගැන්වෙන තෙක් බැදගන්න.
Image courtesy: Just Eat

No comments:

Post a Comment