Friday, May 9, 2014

කජු මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය
  • කජු - 250g
  • ග්‍රීන් පීස් - 50g
  • උම්බලකඩ -  මේස හැඳි  1
  • පොල් මිටි කිරි - කෝප්ප 2
  • රතුළුණු, සුදුළුණු, රම්පෙ, කරපිංචා, කුරුඳු
  • අමු මිරිස් කරල් - 2
  • ගම්මිරිස් - තේ හැඳි 1
  • කහ - තේ හැඳි 1/2
  • ලුණු - කැපු තේ හැඳි 1
  • Fortune තෙල්
  • තුනපහ කුඩු  - තේ හැඳි 1
  • සුදුළුණු බික් - 3
  • තැලු අමු ඉඟුරු කැබැල්ලක්
  • අබ ස්වල්පයක්


සාදන ක්‍රමය
  1. කජු මද සෝදාගෙන අවශ්‍ය නම් එයට ග්‍රීන් පීස් එක් කරන්න.
  2. ඊට රතුළුණු, උම්බලකඩ, කුරුඳු, අමු මිරිස්, ගම්මිරිස්, කහ, තුනපහ, ලුණු එක් කර අත ගාගන්න.
  3. ඉන්පසු තෙල් තාච්චිය ලිප තබා තෙල් රත්වන විට රම්පෙ, කරපිංචා, ළුණු ස්වල්පයක්, සුදුළුණු, අමු ඉඟුරු සහ අබ දමන්න.
  4. එය සුවඳ වී එනවිට එයට කජු මිශ්‍රණය දමා පිසගන්න.
  5. ඉන්පසු පොල්කිරිද එයට ඒක්‌කර කළවම් කරන්න.

    • අමු කජු මද ද මේ ආකාරයට පිළියෙළ කර ගත හැකිය.
    • අර්තාපල් කුඩු හැන්දක්ද අවශ්‍ය නම් එක්කල හැක.
    • ග්‍රීන් පීස් සහ කැරට් කැබලිද එක්කල හැක.

Image courtesy: Veggi Curious

No comments:

Post a Comment