Thursday, September 17, 2015

මාළු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

තෝර මාළු ග්‍රෑ 500
ලොකු ළූණු ගෙඩි 4
මාළු මිරිස් ග්‍රෑ 100
තක්කාලි ගෙඩි 2
අමු මිරිස් කරල් 5
මිරිස් කුඩු මේස හැදි 2
කෑලි මිරිස් තේ හැදි 1
තක්කාලි සෝස් මේස හැදි 5

Fortune  එළවළු තෙල් 
ඉගුරු ස්වල්පයක්

සාදන ආකාරය

තෝර මාළු කුඩා කැබලි වලට කපා සෝදා ලුණු, ගම්මිරිස් දමා අතගා විනාඩි 15ක් පමණ තබා Fortune එළවළු තෙල් යොදා ගැඹුරු තෙලේ බැද ගන්න. ලොකු ළූණු ගෙඩි 4ට පලා පියලි ගලවා ගන්න. මාළු මිරිස්වල ඇට ඉවත් කර කැමති හැඩයකට කපා ගන්න. තක්කාලි දිග අතට කපා ගන්න. තෙල් ලිපේ තබා රත්වූ විට තලාගත් ඉගුරු, සුදු ළූණු, කැපූ අමු මිරිස්, මාළු මිරිස්, ලුණු එකතු කරන්න. එය තෙම්පරාදු වූ විට කෑලි මිරිස්, මිරිස් කුඩු එක් කරන්න. තක්කාලි සෝස් හා වතුර ස්වල්පයක්ද එක් කරන්න. උකු ගතිය ඇතිවන විට තක්කාලි කැබලි දමා ඒවා තැම්බීගෙන ඒමට පෙර ලිපෙන් බා ගන්න.


No comments:

Post a Comment