Thursday, November 5, 2015

තායි ක්‍රමයට සකසාගත් මාළු

අවශ්‍ය ද්‍රව්‍ය

ග්රෑම් 350 ක පමණ ගල් මාළුවෙක්
Fortune එළවළු තෙල් මිලිලීටර් 750
තක්කාලි සෝස් මේස හැඳි 3ක්
සෝයා සෝස් මේස හැඳි 2ක්
ඔයිස්ටර් සෝස් මේස හැඳි 2ක්
චිලි පේස්ට් මේස හැඳි 3ක්
වාෂ්පීකරණය කල හෝ පොල්කිරි මිලිලී‍ටර් 250
ලුණ, ගම්මිරිස්, සීනි, අජිනමොටෝ, සීනි, කෝන් පිටි අවශ්‍ය තරමට

සාදාගන්නා ආකාරය

කොරපොතු හා වරල් ඉවත් කර මාළුවා පිරිසිදු කර ගන්න. ඉන්පසු වෙන් ‍නොවන සේ මැද කට්ට තෙක් මාළුවා කපා ගන්න. දැන් ලුණු, ගම්මිරිස් හිඩස් අතරින් දවටා කෝන් පිටි එම ද්‍රව්‍යයන් එළියට නොඑන සේ දවටන්න. ඉන්පසු මාළුවා රන්වන්පැහැ වනතුරු Fortune ගැඹුරු තෙලේ බැද ගන්න.


 චිලි පේස්ට් සාදා ගන්නා ආකාරය

සුදුළූණු ස්වල්පයක් තෙලේ දමා එයට සාදාගත් චිලිපේස්ට් දමා එය විනාඩියක් පමණ හැදි ගාන්න. ඉන්පසු එයට සෝස් වර්ග එකතු කරගන්න. දැන් එයට ලුණු, ගම්මිරිසි, අජිනමො‍ටෝ එකතු කරන්න. ඉන්පසු එයට ඔබ තෝරාගත් කිරි වර්ගය එකතු කර විනාඩියක් පමණ පදමට හැඳිගාන්න. දැන් එය තෙලේ බැදගත් මාළුවාගේ සිරුර මතට වත් කරන්න.‍ මේසයට යැවීමට පෙර පුංචි සැරසිල්ලකින් අලංකාර කරගන්න.




No comments:

Post a Comment