Thursday, September 3, 2015

ඉස්සෝ ‍ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු ඉස්සන් ග්‍රෑ 500
බී ළූණු ග්‍රෑ 150
මාළු මිරිස් ග්‍රෑ 100
රතු තක්කාලි ග්‍රෑ 100
ගම්මිරිස් කුඩු තේ හැදි 2
ඔයිස්ටර් සෝස් තේ හැදි 2
චිලි සෝස් තේ හැදි 2
Fortune පොල්තෙල් හෝ එළවළු තෙල් කෝප්ප 1
කෝන්පිටි ග්‍රෑ 100
කහකුඩු ස්වල්පයක්
දෙහි ඇඹුල් තේ හැදි 2
පාසලි ග්‍රෑ 50
කජු මද ග්‍රෑ 20
ඉගුරු ඉස්ම කෝප්ප 1/2
ලුණු කුඩු අවශ්‍ය තරමට

සාදන ආකාරය 

ඉස්සන්ගේ ඔළු හා පොතු ඉවත් කරන්න. දැන් හොදින් සෝදා ගන්න. දැන් ලුණු කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු ටිකක් ඉස්සන්ගේ ගා ටික වේලාවක් තබන්න. Fortune තෙල් ලිපේ තබා රත්වන විට ඉස්සන් කෝන්පිටි වල තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

භාජනයක් ලිප තබා Fortune තෙල් තේහැදි 2ක් දමා රත් කරන්න. දැන් ඉගුරු ඉස්ම සෝස් වර්ග එකතු කරන්න. කපාගත් ළූණු, තක්කාලි, මාළු මිරිස්ද එකතු කරන්න. දැන් කජුමද ටික අඹරාගෙන එයද එකතු කරන්න. දෙහි යුෂ හා රසකාරකද යොදා හොදින් මිශ්‍ර කරන්න. ගම්මිරිස් කුඩු හා ලුණු කුඩුද මිශ්‍ර කරන්න. පැතලි දීසියක් ගෙන මෙම කරි මිශ්‍රණය ටිකක් දම්න්න. ඒ මතට බැදගත් ඉස්සන් අසුරන්න. ඉතිරි ටික ඉස්සන් උඩට වත් කරන්න. පාස්ලි කොල ටික කපා උඩින් ගසන්න.


No comments:

Post a Comment