Wednesday, November 26, 2014

පිරවූ දැල්ලන් කරිය

පවුලේ සැමටම නවමු අත්දැකීමක් සමඟින් රසවත් අහාර වේලක් සඳහා - පිරවූ දැල්ලන් කරිය!

අවශ්‍ය ද්‍රව්‍ය (4 දෙනෙක් සඳහා)

  • තරමක ප්‍රමාණයේ දැල්ලන් ග්‍රෑම් 500
  • අඹරාගත් මාළු සහ ඉස්සන් ග්‍රෑම් 250
  • ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ අවශ්‍ය පමණට
  • සිහින්ව කපාගත් හතු වර්ග ග්‍රෑම් 50
  • සිහින්ව කපාගත් ග්‍රීන් පීස් සහ කෝන් ඇට ග්‍රෑම් 50
  • සිහින්ව කපාගත් බෙල් පෙපර් (පාට තුනෙන්ම) ග්‍රෑම් 50
  • ඔයිස්ටර් සෝස් මේස හැඳි 01
  • සෝයි සෝස් මේස හැඳි 01


සාදන  ක්‍රමය

  1. දැල්ලන් හැර ඉහත සඳහන් කල සියලුම ද්‍රව්‍යයන් හොඳින් කලවම් කර අවශ්‍ය නම් රසකාරකද එක්කර පදම් කර ගන්න.
  2. ඉන්පසු හොඳින් සෝදා පිරිසිදු කරගත් දැල්ලන් මතට ප්‍රවේශමෙන් මෙය පුරවා එහි අග ඉරටු කැබැල්ලක් ආධාරයෙන් වසා ගෙන පසෙක තබාගන්න.

ව්‍යංජනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • සිහින්ව කපාගත් බී ළූණු ග්‍රෑම් 100
  • සිහින්ව කපාගත් ඉඟුරු සහ සුදු ළූණු ග්‍රෑම් 50
  • රම්පේ සහ කරපිංචා ස්වල්පයක්
  • අමු මිරිස් කරල් 2
  • කුඩාවට කපාගත් තක්කාලි ග්‍රෑම් 100
  • අබ ඇට තේ හැඳි 1/2
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • මිරිස් කුඩු මේස හැඳි 1
  • තුනපහ කුඩු මේස හැඳි 2
  • කහ කුඩු තේ හැඳි 2
  • Fortune Vegetable Oil මේස හැඳි 3
  • පොල් කිරි (මිටි කිරි) කෝප්ප 2
  • සිහින්ව කපාගත් කොත්තමල්ලි කොල ස්වල්පයක්
  • ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ රස අනුව

සාදන  ක්‍රමය

  1. ප්‍රථමයෙන් සාස්පානකට Fortune Vegetable Oil දමා රත්වන විට එයට පිළිවෙලින් අබ, ලුණු, ඉඟුරු, සුදු ළූණු, රම්පේ, කරපිංචා, කුරුඳු, අමු මිරිස් දමා තෙම්පරාදු වන අතර එයටම තක්කාලි ටිකද දමා තවදුරටත් තෙම්පරාදු කරගන්න.
  2. දැන් මිරිස්, තුනපහ, කහ සහ අවශ්‍ය නම් රසකාරක ද දමා මිශ්‍රකර එයටම පොල්කිරි ද එක්කර තවදුරටත් හොඳින් මිශ්‍රකර හැඳිගාමින් උතුරවා ගන්න.
  3. පසුව ඉහත පිළියෙල කරගත් දැල්ලන් ටික ප්‍රවේශමෙන් එක්කර හොද්ද තරමක් උකුවන තෙක් විනාඩි 7-8 ක් පිසගන්න.
  4. අවසානයට රසබලා සිහින්ව කපාගත් කොත්තමල්ලි කොල එක්කර උණුසුම්ව කෑමට පිළිගන්වන්න.
Image courtesy: Mummyicancook

No comments:

Post a Comment