Wednesday, November 12, 2014

බැදපු මුරුංගා කරිය

නවතම ආකාරයකට රසවත් බැදපු මුරුංගා කරිය සාදාගන්නා ආකාරය!

අවශ්‍ය ද්‍රව්‍ය (4 දෙනෙක් සඳහා)

  • මුරුංගා කරල් ග්‍රෑම් 500
  • සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 3-4
  • සිහින්ව කපාගත් තක්කාලි ග්‍රෑම් 100
  • සිහින්ව කපාගත් බී ළූණු මේස හැඳි 1
  • සිහින්ව කපාගත් සුදු ළූණු මේස හැඳි 1
  • කුඩා කැබලි ලෙස කඩාගත් උම්බලකඩ ග්‍රෑම් 50
  • මිටි කිරි කෝප්ප 2
  • තුනපහ කුඩු මේස හැඳි 2
  • මිරිස් කුඩු මේස හැඳි 1
  • කහ කුඩු තේ හැඳි 1
  • උළුහාල් ඇට තේ හැඳි 1/4
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • Fortune Vegetable  Oil
  • රම්පේ ස්වල්පයක්
  • කරපිංචා ස්වල්පයක්
  • ගම්මිරිස් රස පදමට
  • දෙහි යුෂ රස පදමට
  • ලුණු රස පදමට

සාදන  ක්‍රමය

  1. පළමුව මුරුංගා කරල් තරමක කැබලි ලෙස කපාගෙන එහි පොත්ත හොඳින් පිරිසිදු කර දිග් හැඩයට දෙකට කපාගන්න.
  2. දැන් මෙයට ඉහත සඳහන් කළ කුළුබඩු වර්ග වලින් ස්වල්පය බැගින් දමා හොඳට අතගා පදම් කරගෙන පසුව ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැදගෙන ලිපෙන් බා පසෙකින් තබන්න.
  3. පසුව බඳුනකට තෙල් ස්වල්පයක් දමා රත් වනවිට බී ළූණු, සුදු ළූණු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, උළුහාල් සහ අමු මිරිස් දමා තෙම්පරාදු කරගන්න.
  4. මෙයට උම්බලකඩ ද දමා තෙම්පරාදු වන අතර තක්කාලි සහ ඉතිරිව ඇති කුළුබඩු වර්ග දමා තෙම්පරාදු කරගන්න.
  5. දැන් මිටි කිරි ටිකද එක්කර හැඳිගාමින් හොඳින් පිසගන්න.
  6. අවසානයට බැදගත් මුරුංගා එක්කර තවත් විනාඩි 3-4 කාලයක් තුළ හොඳින් හින්දවු කරියක් ලෙසට පිස, දෙහි යුෂ ස්වල්පයක් ද එක්කර ආහාරයට ගන්න.
Image courtesy: Anjuskitchentreasures

No comments:

Post a Comment