Wednesday, July 1, 2015

නාසි ගුරෙන්ග්


අද රසවත් නාසි ගුරෙන්ග් සාදන ආකාරය ඉගෙනගමු

අවශ්‍ය දුව්‍ය

පිසගත් බාස්මතී 400g
සිහින්ව කපාගත් ඉස්සන් හා කුකුල් මස් 250g බිත්තර 4
ලුණු අවශ්‍ය පමණට
සුදු ගම්මිරිස් ස්වල්පයක්
කොන්පිටි 2Tsp
තලාගත් බී ළූණු 2Tsp
තලාගත් සුදු ළූණූ 1TSP
ෆොර්චූන් කෝන් තෙල් 4Tsp
සෝයා සෝස් 2Tsp
චිලි පේස්ට් 3Tsp
තක්කාලි සෝස් 2Ts
සිහින්ව කපාගත් ළූණු 100g
බැදගත් බිත්තර 4
බැදගත් ඉස්සන්
පිසගත් චිකන් සාතේ 04
තක්කාලි ගෙඩියක්
පිපිඥ්ඥා කැබැල්ලක්
පාස්ලි පොකුරක්


සාදන ආකාරය

ප්‍රථමයෙන් සිහින්ව කපාගත් ඉස්සන් හා කුකුල් මස් කැබලි වලට ගම්මිරිස්, ලුණු, බිත්තර සුදුමද ටිකක් සහ කෝන්පිටි එකතු කර අතගා පදම් වන්නට හරින්න. දැන් ලොකු තාච්චියක් රත්කර එයට ෆොර්චූන් කෝන් තේල දමා රත්වූවිට පදම්කරගත් මස් ඉස්සන් පොඩිකරගත් බී ළූණු හා සුදු ළූණුද දමා තෙම්පරාදු කරගන්න. දැන් මෙය පිසින විට බිත්තර ටිකද කෙමෙන් එකතු කරමින් හැදගාමින් පිසින අතර සෝස් වර්ග ටිකද කලවම් කරගන්න. ඉන්පසු පිසගත් බත්ටිකද එකතු කරමින් රස අනුව ලුණුද ළූණු කොලද එකතු කරන්න. දැන් අනේක් පිලිගැනවීමට සූදානම් කරගත් දේවල්ද එකතු කර ආහාරයට ගන්න.


No comments:

Post a Comment