Thursday, June 11, 2015

බිම්මල් කරිය

බිම්මල් කියන්නේ අපි හැමෝම කැමති කෑමක් ඔන්න අද කියල දෙන්නේ බිම්මල් කරියක් හදන විදියයි. 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බිම්මල් ග්‍රෑම් 350 
  • කපාගත් රතුලූනු ග්‍රෑම් 50
  • කපාගත් අමු මිරිස් කරල් 04
  • සුදුලූනු බික් 04
  • කරපිංචා කිනිත්තක්
  • තුන පහ කුඩු තේ හැඳි 1/2
  • තක්කාලි ගෙඩි 01
  • පදමට ලුණු 
  • ෆොර්චූන් තෙල් මේස හැඳි 02 
  • මිටි කිරි අඩු කෝප්ප 01

සාදන ක්‍රමය

  • බිම්මල් තරමක ලොකු කෑලි වලට කපාගන්න. 
  • මැටි වලඳක් ලිප තබා එයට ෆොර්චූන් තෙල් එක්කර රත්වන විට රතුලුනු සුදු ලූනු අමු මිරිස් රම්පේ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. 
  • දැන් මෙයට සියළුම තුනපහ වර්ග ද එකතු කර විනාඩි 02 ක් පමණ තෙම්පරාදු කර කපාගත් බිම්මල් ද එක්කර තවත් විනාඩි 04 ක් පමණ තෙම්පරාදු කර මිටිකිරි දමා හින්දවා ලිපෙන් ඉවතට ගන්න.



No comments:

Post a Comment