Thursday, May 28, 2015

අල බොන්ඩා

අවශ්‍ය ද්‍රව්‍ය:

අල
අමු මිරිස්
කරපින්චා
පාන් පිටි
ලුණු
මිරිස් කුඩු
ගරම් මසාලා
ටර්මරික් පව්ඩර්
ෆෝර්චුන් තෙල්

සාදන ක්‍රමය:

තම්බා ගත් අල පොඩි කර ගන්න.එයට ලුණු කුඩු ස්වල්පයක්, මිරිස් කුඩු,ගරම් මසාලා, කුඩාවට කපා ගත් අමු මිරිස් සහ කරපින්චා එක් කර ගන්න.මිශ්‍ර කරන්න.

බ්දුනක් තුලට පාන් පිටි කෝප්පයක් දමා එයට ටර්මරික් පව්ඩර්, ලුණු කුඩු සහ මිරිස් කුඩු ස්වල්පය බැගින් එකතු කරන්න. වතුර දමා පදමට අනා ගන්න. 

අල මිශ්‍රණයෙන් කුඩා ගුලි සාදා ගන්න. සාදා ගත් ගුලි පිටි මිශ්‍රණයෙන් තවරා රන්වන් පැහැ ගැන්වෙන තුරු බැද ගන්න. 

පිළිගන්වන්න. 


No comments:

Post a Comment