Wednesday, May 20, 2015

පොල් සහ මිරිස් මිශ්‍ර බැදපු මාලු

අවශ්‍ය දේ:

මාළු කැබලි 6ක්
ගා ගත් පොල් අඩු කෝප්ප 1/4
උලු හාල් තේ හැන්දක්
ළුෑණු ගෙඩි දෙකක්
කහ කුඩු තේ හැන්දක්
මිරිස් කුඩු තේ හැදි තුනක්
ලුනු කුඩු (කැමති පමණ )
කරපින්චා
ෆෝර්චුන් කුකින් ඔයිල්

සාදා ගන්නා ආකාරය:

මාළු කැබලි හොදින් පිරිසිදු කර පසෙකින් තබා ගන්න. උලු හාල් තලා පසෙකින් තබා ගන්න.ගා ගත් පොල් හා ළුෑණු ගෙඩි එකට දමා බ්ලෙන්ඩර් කර ගන්න. බදුනකට මාලු කැබලි දමා පොල් මිශ්‍රණය, තලා ගත් උලු හාල්, කහ කුඩු, මිරිස් කුඩු, ලුනු කුඩු සහ කරපින්චා එක් කර හොදින් මිශ්‍ර කර ගන්න. පැය භාගයක් පමණ ශීතකරණයේ තබන්න. ෆෝර්චුන් තෙල් තේ හැදි දෙකක් පමණ තාච්චියට දමා මද ගින්නේ රත් කර ගන්න. රත් වූ තෙල් මතට මාළු කැබලි එකවර දෙක බැගින් දමා ගන්න. වටේටත් තෙල් ස්වල්පය බැගින් එක්කර විණාඩි 3-5 කාලයක් වසා තබන්න. පියන ඉවත් කර මාලු කැබලි වල පැත්ත මාරු කර නැවතත් වටේට තෙල් එකතු කර විනාඩි තුනක් පමණ පියන වසා පිසෙන්නට හරින්න.  පියන ඉවත් කර රන් වන් පැහැ ගැන්වෙන තුරු බැද ගන්න.

මූලාශ්‍රය:Sri Lankans.com.au

No comments:

Post a Comment