Friday, August 29, 2014

ඩෙවිල්ඩ් බීන් කර්ඩ්

පවුලේ සැමටම පෝෂ්‍යදායී රසවත් නිර්මාංශ ආහාර වේලක් සඳහා ඩෙවිල්ඩ් බීන් කර්ඩ්!

අවශ්‍ය ද්‍රව්‍ය (4 දෙනෙක් සඳහා)
  • බීන් කර්ඩ් ග්‍රෑම් 400
  • බී ළූණු / මාළු මිරිස් / බෙල් පෙපර් / තක්කාලි (තරමක ලොකු කැබලි) ග්‍රෑම් 100
  • චොප් කරන ලද සුදු ළූණු / ඉඟුරු ග්‍රෑම් 25
  • Fortune Cooking Oil
  • බටර් හෝ මාගරින් මේස හැඳි 3
  • ගම්මිරිස් කුඩු / ලුණු (රස පදමට)
  • කෑලි මිරිස් / මිරිස් කුඩු තේ හැඳි 3
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • රම්පේ / කරපිංචා අවශ්‍ය පමණට
  • අමුමිරිස් කරල් 6-7
  • සෝයා සෝස් මේස හැඳි 4
  • කහ කුඩු ස්වල්පයක්

සාදන  ක්‍රමය
  1. අඟල් 1 1/2 - 2 ප්‍රමාණයට එක සමානව කපාගත් බීන් කර්ඩ් රත්වූ Fortune Cooking Oil දමා ගැඹුරු තෙලේ (රන්වන් පැහැයට හැරෙන තුරු) බැදගන්න.
  2. සාස්පානක් ගෙන එයට බටර් හෝ මාගරින් දමා රත්වන විට ඉඟුරු, සුදු ළූණු, රම්පේ, කරපිංචා සහ කුරුඳු පොතු කැබැල්ල දමා හොඳින් තෙම්පරාදු කරගන්න.
  3. එයටම මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ කුඩු සහ රසකාරක දමා හොඳින් කලවම් කරගන්න.
  4. ඉන්පසු එයට සෝයා සෝස්,  බැදගත් බීන් කර්ඩ්,  අමුමිරිස් සහ තක්කාලි ද එකතුකර හොඳින් කලවම් කරගන්න. (මෙය පැස්ටා හෝ නූඩ්ල්ස් සමඟ පිළිගන්වන්න)
Image courtesy: Bbcgoodfood

No comments:

Post a Comment