Thursday, August 14, 2014

තන්දූරි සී ෆුඩ් කෙබාබ්

රසවත් සති අන්තයක් සඳහා ඔබට රසවත් අදහසක්. තන්දූරි සී ෆුඩ් කෙබාබ්!

අවශ්‍ය ද්‍රව්‍ය (4 දෙනෙක් සඳහා)

  • තරමක කැබලි ලෙස කපාගත් මෝදා හෝ තලපත් ග්‍රෑම් 400
  • මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් (පොතු ඉවත් කර වලිගය ඉතිරි කරගත්) ග්‍රෑම් 300
  • දැල්ලන් (තරමක් ලොකු කැබලි ලෙස කපාගත්) ග්‍රෑම් 200
  • කුඩා පොකිරිස්සන් (කටු ඉවත් කරගත්) ග්‍රෑම් 200
  • ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ
  • මී කිරි කෝප්ප 2
  • අඹරා ගත් වියළි මිරිස් (පේස්ට් 1ක් ලෙස) මේස හැඳි 1
  • ඉඟුරු සහ සුදු ළූණු (යන්තම් තලාගත්) ග්‍රෑම් 30
  • ගරම් මසාලා කුඩු තේ හැඳි 2
  • රතු ළූණු ග්‍රෑම් 30
  • රතු හා කහ පැහැති වර්ණකාරක බිංදු 3-4 ක්
  • ලොකු ළූණු, ළූණු ගස්, දෙහි, අමු මිරිස් ස්වල්පයක්
  • Fortune Vegetable Oil මේස හැඳි 4-6

සාදන  ක්‍රමය

  1. ප්‍රථමයෙන් ඉහත කපාගත් මාළු සියල්ල මතට ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ ස්වල්පයක් එක් කර හොදින් පදම් කර කෙබාබ් කූරු මතට ක්‍රමානුකූලව අමුණා පසෙක තබන්න.
  2. ඉහත ඉතිරිව ඇති ද්‍රව්‍යයන්ගෙන් තෙල් සහ පිළිගැන්වීමට ඇති ද්‍රව්‍ය හැර අනෙක් සියලුම ද්‍රව්‍යයන් බ්ලෙන්ඩරයක් තුළට එක්කර පේස්ට් එකක ආකාරයට එන ලෙසට හොදින් බ්ලෙන්ඩ් කරගන්න.
  3. ඉන්පසු ඉහත සාදාගත් සී ෆුඩ් කෙබාබ් කූරු ටික මෙම සාදාගත් තන්දූරි පේස්ට් එක මතට දමා හොඳින් පදම්කර එය පැය 12 ක පමණ කාලයක් ශීතකරණයක තබා ඊට පසු තන්දූරි උඳුනක හෝ වෙනත් උඳුනක සෙන්ටිග්‍රේඩ් අංශක 250 උෂ්ණත්වයක විනාඩි 10ක පමණ කාලයක් පිසගන්න.
  4. උඳුනක් නොමැතිනම් තෙල් ස්වල්පයක් බැගින් ආලේප කර පැතලි සාස්පානක ලිප මත තබා ප්‍රවේශමෙන් පිසගත හැක.

Image courtesy: Foodrepublic

No comments:

Post a Comment