Friday, April 18, 2014

බැදගත් නෙළුම් අල සලාදය

අවශ්‍ය දේ:
  • නෙළුම් අල - 500g
  • සලාද කොළ - 250g
  • බෙල් පේපර් (කොළ, කහ) - 250g
  • අන්නාසි - 250g
  • ගර්කින් - 250g
  • තක්කාලි - 250g
  • ලුණු මේස හැඳි ¼  
  • ගම්මිරිස් කුඩු මේස හැඳි ½
  • ඔලිව් තෙල් මේස හැඳි ½   


සාදන ක්‍රමය:
  1. නෙළුම් අල හොඳින් පිරිසිඳු කර සිහින්ව කපා ගැඹුරු තෙලේ බැදගන්න. තෙල් බේරෙන්නට හරින්න.
  2. සියලුම එළවලු හා පලතුරු වර්ග කොටු ආකාරයට කපාගන්න.
  3. වීදුරු භාජනයක් ගෙන කපාගත් සියල්ල දමන්න. ලුණු, ගම්මිරිස්, සහ ඔලිව් තෙල් දමා කලවම් කරන්න.
  4. මේසයට එකතු කිරීමට පෙර නෙළුම් අල එකතු කරන්න.
Image courtesy: somethingreen

No comments:

Post a Comment