Friday, April 11, 2014

පරිප්පු වඩේ

අලුත් අවුරුදු කෑම මේසයට එක් කරගන්න. ඉතාමත් පහසුවෙන් සාදා ගත හැකි කවුරුත් කන්න කැමති පරිප්පු වඩේ සාදා බලන්න.

අවශ්‍ය දේ :
  • කඩල පරිප්පු - 250g
  • අමු මිරිස් - 50g
  • කරපිංචා, රම්පෙ - අවශ්‍ය ප්‍රමාණයට
  • ළුනු - හීනියට කපාගත්
  • කෑලි මිරිස් - ස්වල්පයක්
  • සූදුරු - ස්වල්පයක්
  • උම්බලකඩ - කෑලි ස්වල්පයක්
  • පොල් තෙල්

සාදන ක්‍රමය :
  1. කඩල පරිප්පු පැය 3 ක් පමණ පෙඟෙන්නට තබන්න.
  2. ජලය නොදමා පෙඟුණු පරිප්පු බ්ලෙන්ඩර් කරගන්න. වියලි වශයෙන් තිබෙන ආකාරයට භාජනයකට දමන්න.
  3. ඉන්පසුව සිහින්ව කපාගත් රම්පෙ, කරපිංචා, උම්බලකඩ, අමු මිරිස් දමන්න. පසුව කෑලි මිරිස්, ළුනු, සූදුරු දමා හොඳින් අනාගන්න.
  4. හොඳින් රත්වන සේ පොල් තෙල් භාජනය ලිප තබා රවුම්ව සාදාගත් වඩේ මිශ්‍රණය තෙල් භාජනයට දමා රන්වන් පාට වනතෙක් බැද තෙල් භාජනයේ උඩ පාවෙන විට තෙල්  භාජනයෙන් ඉවත් කරගන්න.  


Image courtesy:

No comments:

Post a Comment