Wednesday, December 17, 2014

චිකන් මෙරිලන්ඩ්

පවුලේ සැමටම නවමු රසවත් අත්දැකීමකට - චිකන් මෙරිලන්ඩ්!

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් බ්‍රෙස්ට් (වින්ග් බෝන් එක සමඟ) 08
  • පදම් කරගත් පාන් පිටි ග්‍රෑම් 25
  • ගසාගත් බිත්තර 02
  • පාන් කුඩු ග්‍රෑම් 50
  • Fortune Cooking Oil
  • සීසනිං කුකුල් මස් කැට 1/2
  • ලුණු, ගම්මිරිස් කුඩු රස පදමට

සැරසීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • බැදගත් චිකන් බේකන් පෙති 08
  • හරි මැදින් දිග අතට පලු 2 කට කපාගත් බනානා ප්‍රිටර්ස් පලු 08
  • කෝන් ප්‍රිටර්ස් 08
  • බැදගත් පාර්ස්ලි පොකුරු 04
  • රතු පාට බෙල් පෙපර් පෙති 04
  • ගිණිකූරු හැඩයට කපා බැදගත් අල (ස්ට්‍රෝ පොටැටෝස්) ග්‍රෑම් 200

ප්‍රිටර්ස් බැටර් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි ග්‍රෑම් 100
  • බිත්තර 01
  • සීනි තේ හැඳි 01
  • වතුර අවශ්‍ය පමණට

සාදන ක්‍රමය

  1. ප්‍රථමයෙන් චිකන් බ්‍රෙස්ට් ලුණු සහ ගම්මිරිස් දමා හොඳින් පදම් කරගන්න.
  2. දැන් පාන්පිටි සමඟ සීසනිං කුකුල් මස් කැටය කුඩු කර මිශ්‍රකර පිටි පදම් කරගන්න.
  3. දැන් පදම් කරගත් කුකුල් මස් පිටි මත අතුරා හොඳින් ගසා ගන්න.
  4. අනතුරුව එය ගසාගත් බිත්තර සාරු මත තවරා පාන් කුඩු වල දවටා Fortune Cooking Oil වලින් ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගන්න.
  5. පසුව ප්‍රිටර්ස් බැටර් එක සඳහා අවශ්‍ය සියලුම ද්‍රව්‍ය එකට එක්කර විස්ක් එකකින් ගසාගෙන මෘදු බැටර් එකක් සාදාගන්න.
  6. ඊට පසු කෙසෙල් ගෙඩි පලු ටික සහ කෝන් ප්‍රිටර්ස් ද පාන් පිටි මත දවටා ගසාගෙන නැවත සාදාගත් බැටර් එක තුලට දමා මෙයද රන්වන් පැහැ වන තෙක් බැදගන්න.
  7. පසුව ඉහත බැදගත් කුකුල් මස් ටික පැතලි බඳුනකට ක්‍රමාණුකූලව අතුරාගන්න.
  8. මෙයට බැදගත් පාර්ස්ලි පොකුරක් සහ රවුම් පෙති ලෙස කපාගත් බෙල් පෙපර් කැබැල්ලක් තබා සරසා බැදගත් ස්ට්‍රෝ පොටැටෝස් සමඟ ආහාරය සඳහා පිළිගන්වන්න.
Image courtesy: Rosieandjim

Wednesday, December 10, 2014

Chocolate Crinkles

A plate of delicious Chocolate Crinkles for this Christmas!

Ingredients (6 dozen)

  • Unsweetened cocoa powder 1 cup
  • White sugar 2 cups
  • Fortune Vegetable Oil 1/2 cup
  • Eggs 4
  • Vanilla extract 2 teaspoons
  • Flour 2 cups
  • Baking powder 2 teaspoons
  • Salt 1/2 teaspoon
  • Confectioners' sugar 1/2 cup

Method

  1. Mix together the cocoa, white sugar, and Fortune Vegetable Oil in a medium size bowl.
  2. Beat in the eggs one at a time and then stir in the vanilla.
  3. Next combine the flour, baking powder, and salt and stir it into the cocoa mixture.
  4. And then cover the dough and chill this for at least 4 hours.
  5. Preheat the oven to 350 degrees F (175 degrees C).
  6. Line the cookie sheets with parchment paper. Roll the dough into one inch balls and coat each ball in confectioners' sugar before placing onto prepared cookie sheets.
  7. Bake the cookies in the preheated oven for 10 to 12 minutes. Let it stand on the cookie sheet for a minute before transferring to wire racks to cool.
Image courtesy: Ladygouda

Wednesday, November 26, 2014

පිරවූ දැල්ලන් කරිය

පවුලේ සැමටම නවමු අත්දැකීමක් සමඟින් රසවත් අහාර වේලක් සඳහා - පිරවූ දැල්ලන් කරිය!

අවශ්‍ය ද්‍රව්‍ය (4 දෙනෙක් සඳහා)

  • තරමක ප්‍රමාණයේ දැල්ලන් ග්‍රෑම් 500
  • අඹරාගත් මාළු සහ ඉස්සන් ග්‍රෑම් 250
  • ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ අවශ්‍ය පමණට
  • සිහින්ව කපාගත් හතු වර්ග ග්‍රෑම් 50
  • සිහින්ව කපාගත් ග්‍රීන් පීස් සහ කෝන් ඇට ග්‍රෑම් 50
  • සිහින්ව කපාගත් බෙල් පෙපර් (පාට තුනෙන්ම) ග්‍රෑම් 50
  • ඔයිස්ටර් සෝස් මේස හැඳි 01
  • සෝයි සෝස් මේස හැඳි 01


සාදන  ක්‍රමය

  1. දැල්ලන් හැර ඉහත සඳහන් කල සියලුම ද්‍රව්‍යයන් හොඳින් කලවම් කර අවශ්‍ය නම් රසකාරකද එක්කර පදම් කර ගන්න.
  2. ඉන්පසු හොඳින් සෝදා පිරිසිදු කරගත් දැල්ලන් මතට ප්‍රවේශමෙන් මෙය පුරවා එහි අග ඉරටු කැබැල්ලක් ආධාරයෙන් වසා ගෙන පසෙක තබාගන්න.

ව්‍යංජනය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • සිහින්ව කපාගත් බී ළූණු ග්‍රෑම් 100
  • සිහින්ව කපාගත් ඉඟුරු සහ සුදු ළූණු ග්‍රෑම් 50
  • රම්පේ සහ කරපිංචා ස්වල්පයක්
  • අමු මිරිස් කරල් 2
  • කුඩාවට කපාගත් තක්කාලි ග්‍රෑම් 100
  • අබ ඇට තේ හැඳි 1/2
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • මිරිස් කුඩු මේස හැඳි 1
  • තුනපහ කුඩු මේස හැඳි 2
  • කහ කුඩු තේ හැඳි 2
  • Fortune Vegetable Oil මේස හැඳි 3
  • පොල් කිරි (මිටි කිරි) කෝප්ප 2
  • සිහින්ව කපාගත් කොත්තමල්ලි කොල ස්වල්පයක්
  • ලුණු, ගම්මිරිස් සහ දෙහි යුෂ රස අනුව

සාදන  ක්‍රමය

  1. ප්‍රථමයෙන් සාස්පානකට Fortune Vegetable Oil දමා රත්වන විට එයට පිළිවෙලින් අබ, ලුණු, ඉඟුරු, සුදු ළූණු, රම්පේ, කරපිංචා, කුරුඳු, අමු මිරිස් දමා තෙම්පරාදු වන අතර එයටම තක්කාලි ටිකද දමා තවදුරටත් තෙම්පරාදු කරගන්න.
  2. දැන් මිරිස්, තුනපහ, කහ සහ අවශ්‍ය නම් රසකාරක ද දමා මිශ්‍රකර එයටම පොල්කිරි ද එක්කර තවදුරටත් හොඳින් මිශ්‍රකර හැඳිගාමින් උතුරවා ගන්න.
  3. පසුව ඉහත පිළියෙල කරගත් දැල්ලන් ටික ප්‍රවේශමෙන් එක්කර හොද්ද තරමක් උකුවන තෙක් විනාඩි 7-8 ක් පිසගන්න.
  4. අවසානයට රසබලා සිහින්ව කපාගත් කොත්තමල්ලි කොල එක්කර උණුසුම්ව කෑමට පිළිගන්වන්න.
Image courtesy: Mummyicancook

Thursday, November 20, 2014

Devilled Cashew Nuts

Devilled cashew nuts - A tasty and easy dish to add a delicious twist to your meal!

Ingredients (4 servings)
  • 300g raw unsalted cashew nuts
  • 2 sprigs of fresh curry leaves
  • 1/2 tsp chilli powder
  • 1/2 tsp ground black pepper
  • 1/2 tsp salt
  • Fortune Vegetable Oil

Method
  1. Heat the oil in a heavy based pan until smokey. Add the cashew nuts and shallow fry, moving the nuts around with a slotted spoon so that they cook evenly, until golden brown.
  2. Add the curry leaves and strain the oil.
  3. Place the nuts and curry leaves in a bowl. Add the chilli, pepper and salt, and toss to combine.
  4. Transfer to a bowl and serve.
Image courtesy: Sbs

Wednesday, November 12, 2014

බැදපු මුරුංගා කරිය

නවතම ආකාරයකට රසවත් බැදපු මුරුංගා කරිය සාදාගන්නා ආකාරය!

අවශ්‍ය ද්‍රව්‍ය (4 දෙනෙක් සඳහා)

  • මුරුංගා කරල් ග්‍රෑම් 500
  • සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 3-4
  • සිහින්ව කපාගත් තක්කාලි ග්‍රෑම් 100
  • සිහින්ව කපාගත් බී ළූණු මේස හැඳි 1
  • සිහින්ව කපාගත් සුදු ළූණු මේස හැඳි 1
  • කුඩා කැබලි ලෙස කඩාගත් උම්බලකඩ ග්‍රෑම් 50
  • මිටි කිරි කෝප්ප 2
  • තුනපහ කුඩු මේස හැඳි 2
  • මිරිස් කුඩු මේස හැඳි 1
  • කහ කුඩු තේ හැඳි 1
  • උළුහාල් ඇට තේ හැඳි 1/4
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • Fortune Vegetable  Oil
  • රම්පේ ස්වල්පයක්
  • කරපිංචා ස්වල්පයක්
  • ගම්මිරිස් රස පදමට
  • දෙහි යුෂ රස පදමට
  • ලුණු රස පදමට

සාදන  ක්‍රමය

  1. පළමුව මුරුංගා කරල් තරමක කැබලි ලෙස කපාගෙන එහි පොත්ත හොඳින් පිරිසිදු කර දිග් හැඩයට දෙකට කපාගන්න.
  2. දැන් මෙයට ඉහත සඳහන් කළ කුළුබඩු වර්ග වලින් ස්වල්පය බැගින් දමා හොඳට අතගා පදම් කරගෙන පසුව ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැදගෙන ලිපෙන් බා පසෙකින් තබන්න.
  3. පසුව බඳුනකට තෙල් ස්වල්පයක් දමා රත් වනවිට බී ළූණු, සුදු ළූණු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, උළුහාල් සහ අමු මිරිස් දමා තෙම්පරාදු කරගන්න.
  4. මෙයට උම්බලකඩ ද දමා තෙම්පරාදු වන අතර තක්කාලි සහ ඉතිරිව ඇති කුළුබඩු වර්ග දමා තෙම්පරාදු කරගන්න.
  5. දැන් මිටි කිරි ටිකද එක්කර හැඳිගාමින් හොඳින් පිසගන්න.
  6. අවසානයට බැදගත් මුරුංගා එක්කර තවත් විනාඩි 3-4 කාලයක් තුළ හොඳින් හින්දවු කරියක් ලෙසට පිස, දෙහි යුෂ ස්වල්පයක් ද එක්කර ආහාරයට ගන්න.
Image courtesy: Anjuskitchentreasures

Thursday, October 23, 2014

චිකන් පකෝරා

පවුලේ සියල්ලන් සමඟ රසවිඳීමට චිකන් පකෝරා පහසුවෙන් සාදාගනිමු!

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුළු මස් (කටු සහ සම ඉවත්කර තරමක කැබලි ලෙස කපාගත්) ග්‍රෑම් 600
  • කඩල පිටි කෝප්ප 1/2
  • මිරිස් කුඩු තේ හැඳි 2
  • අඹරාගත් ඉඟුරු සහ සුදු ළූණු මේස හැඳි 2
  • අඹරාගත් අමුමිරිස් තේ හැඳි 1/2
  • ලුණු කුඩු / ගම්මිරිස් කුඩු රස පදමට
  • සීසනිං චිකන් කැට 1
  • සූදුරු ඇට තේ හැඳි 1
  • කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
  • ගරම් මසාල කුඩු මේස හැඳි 1
  • සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2
  • බිත්තර 1
  • Fortune Vegetable Oil
  • දෙහි යුෂ මේස හැඳි 2

සාදන  ක්‍රමය

  1. කුකුළු මස් ටික සෝදාගන්න. දැන් බිත්තර හැර අනෙකුත් සියලුම ද්‍රව්‍යයන් ටික බඳුනකට දමා අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එක්කර හොඳින් කලවම් කරගන්න.
  2. මෙයට මස් කැබලි ටික දමා පැය 4ක පමණ කාලයක් පදම් වීම සඳහා ශීතකරණයක තබන්න.
  3. ඉන්පසු බිත්තරයක් එකතුකර හොඳින් කලවම් කර ගැඹුරු තෙලේ බැඳගෙන උණුසුම්ව කෑමට ගන්න.

Image courtesy: Themirchi

Friday, September 5, 2014

මිනිස්ට්‍රෝනි සුප්

ඔබටත් නිවසේදීම සාදාගතහැකි රසවත් ඉතාලි කෑම වට්ටෝරුවක් - මිනිස්ට්‍රෝනි සුප්!

අවශ්‍ය ද්‍රව්‍ය (4 දෙනෙක් සඳහා)

  • සිහින්ව එක හා සමාන ලෙස කපාගත් ලීක්ස් / බී ළූණු / සැල්දරි / කැරට් / රාබු / ගෝවා ග්‍රෑම් 50 බැඟින් 
  • අල / තක්කාලි / බෝංචි සහ ග්‍රීන් පීස් ග්‍රෑම් 50 බැඟින්
  • ස්පැගටි ග්‍රෑම් 100
  • Fortune Sunflower Oil මේස හැඳි 4
  • බේ කොළ 2-3
  • චොප් කරගත් මිශ්‍ර හර්බ්ස් තේ හැඳි 1
  • කුඩාවට චොප් කරගත් සුදු ළූණු මේස හැඳි 1
  • තක්කාලි පියුරි කෝප්ප 1/2
  • වතුර ලීටර 1
  • එළවළු සීසනිං කැට 1
  • ගම්මිරිස් කුඩු
  • චෙඩාර් චීස් මේස හැඳි 1
  • චොප් කරගත් චිකන් බේකන් ග්‍රෑම් 20
  • චොප් කරගත් පාර්ස්ලි තේ හැඳි 1


සාදන  ක්‍රමය

  1. සෝදා පිරිසිඳු කරගත් එළවළු කැබලි ටික සිහින්ව එක සමාන ලෙස කපාගන්න.
  2. සුප් එක පිසින භාජනයට Fortune Sunflower Oil ස්වල්පයක් දමා රත්වන විට බේ කොළ, හර්බ්ස්, බී ළූණු, සුදු ළූණු ටික දමා යන්තම් තෙම්පරාදු කරගන්න.
  3. එයටම කපාගත් එළවළු එකතු කර තෙම්පරාදු කර ගන්න.
  4. දැන් මෙයට වතුර, සීසනිං එළවළු කැට සහ තක්කාලි පියුරි දමා කලවම් කර එයට ස්පැගටි තරමක කැබලි වලට කඩා දමා තම්බාගන්න.
  5. අවශ්‍ය නම් ලුණු සහ ගම්මිරිස් ටිකක් දමා පදම් කර ගෙන බේකන් පෙබල්ස් දමා උණුසුම්ව පිළිගන්වන්න.

බේකන් පෙබල්ස් සාදන ක්‍රමය

  1. චෙඩාර් චීස්, චොප් කරගත් චිකන් බේකන් සහ පාර්ස්ලි එකට එක්කර හොඳින් කලවම් කරගන්න.
  2. මෙම මිශ්‍රණය ග්‍රීන් පීස් ඇටයක ප්‍රමාණයට බෝල ලෙස සකසා ශීතකරණයක දමා සෙට් කරගත් පසු සුප් එක උණුසුම්ව පිළිගන්වනවිට මෙම පෙබල්ස් දමා පිළිගන්වන්න.
Image courtesy: Hellawella