අවශ්‍ය ද්‍රව්‍ය (4 දෙනෙක් සඳහා)
- සිහින්ව එක හා සමාන ලෙස කපාගත් ලීක්ස් / බී ළූණු / සැල්දරි / කැරට් / රාබු / ගෝවා ග්‍රෑම් 50 බැඟින්
- අල / තක්කාලි / බෝංචි සහ ග්‍රීන් පීස් ග්‍රෑම් 50 බැඟින්
- ස්පැගටි ග්‍රෑම් 100
- Fortune Sunflower Oil මේස හැඳි 4
- බේ කොළ 2-3
- චොප් කරගත් මිශ්‍ර හර්බ්ස් තේ හැඳි 1
- කුඩාවට චොප් කරගත් සුදු ළූණු මේස හැඳි 1
- තක්කාලි පියුරි කෝප්ප 1/2
- වතුර ලීටර 1
- එළවළු සීසනිං කැට 1
- ගම්මිරිස් කුඩු
- චෙඩාර් චීස් මේස හැඳි 1
- චොප් කරගත් චිකන් බේකන් ග්‍රෑම් 20
- චොප් කරගත් පාර්ස්ලි තේ හැඳි 1
සාදන ක්‍රමය
- සෝදා පිරිසිඳු කරගත් එළවළු කැබලි ටික සිහින්ව එක සමාන ලෙස කපාගන්න.
- සුප් එක පිසින භාජනයට Fortune Sunflower Oil ස්වල්පයක් දමා රත්වන විට බේ කොළ, හර්බ්ස්, බී ළූණු, සුදු ළූණු ටික දමා යන්තම් තෙම්පරාදු කරගන්න.
- එයටම කපාගත් එළවළු එකතු කර තෙම්පරාදු කර ගන්න.
- දැන් මෙයට වතුර, සීසනිං එළවළු කැට සහ තක්කාලි පියුරි දමා කලවම් කර එයට ස්පැගටි තරමක කැබලි වලට කඩා දමා තම්බාගන්න.
- අවශ්‍ය නම් ලුණු සහ ගම්මිරිස් ටිකක් දමා පදම් කර ගෙන බේකන් පෙබල්ස් දමා උණුසුම්ව පිළිගන්වන්න.
බේකන් පෙබල්ස් සාදන ක්‍රමය
- චෙඩාර් චීස්, චොප් කරගත් චිකන් බේකන් සහ පාර්ස්ලි එකට එක්කර හොඳින් කලවම් කරගන්න.
- මෙම මිශ්‍රණය ග්‍රීන් පීස් ඇටයක ප්‍රමාණයට බෝල ලෙස සකසා ශීතකරණයක දමා සෙට් කරගත් පසු සුප් එක උණුසුම්ව පිළිගන්වනවිට මෙම පෙබල්ස් දමා පිළිගන්වන්න.
Image courtesy: Hellawella
No comments:
Post a Comment