අවශ්‍ය ද්‍රව්‍ය
- කුකුළු මස් (කටු සහ සම ඉවත්කර තරමක කැබලි ලෙස කපාගත්) ග්‍රෑම් 600
- කඩල පිටි කෝප්ප 1/2
- මිරිස් කුඩු තේ හැඳි 2
- අඹරාගත් ඉඟුරු සහ සුදු ළූණු මේස හැඳි 2
- අඹරාගත් අමුමිරිස් තේ හැඳි 1/2
- ලුණු කුඩු / ගම්මිරිස් කුඩු රස පදමට
- සීසනිං චිකන් කැට 1
- සූදුරු ඇට තේ හැඳි 1
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
- ගරම් මසාල කුඩු මේස හැඳි 1
- සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2
- බිත්තර 1
- Fortune Vegetable Oil
- දෙහි යුෂ මේස හැඳි 2
සාදන ක්‍රමය
- කුකුළු මස් ටික සෝදාගන්න. දැන් බිත්තර හැර අනෙකුත් සියලුම ද්‍රව්‍යයන් ටික බඳුනකට දමා අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එක්කර හොඳින් කලවම් කරගන්න.
- මෙයට මස් කැබලි ටික දමා පැය 4ක පමණ කාලයක් පදම් වීම සඳහා ශීතකරණයක තබන්න.
- ඉන්පසු බිත්තරයක් එකතුකර හොඳින් කලවම් කර ගැඹුරු තෙලේ බැඳගෙන උණුසුම්ව කෑමට ගන්න.
Image courtesy: Themirchi
No comments:
Post a Comment