Sunday, August 2, 2015

Yeung Chow Fried Rice


අවශ්‍ය ද්‍රව්‍ය

කටු හා‍ පොතු ඉවත්කරගත් ඉස්සන් ග්‍රෑ 100
කුකුල් මස් ග්‍රෑ 50
පිසගත් බාස්මතී බත් ග්‍රෑ 500
බිත්තර 4
තම්බාගත් ග්‍රීන් පීස් ග්‍රෑ 10
කුඩාවට කපන ලද කළු හතු හෝ බට්න් හතු ග්‍රෑ 10
රසකාරක තේ හැදි 1/2
සුදු ගම්මිරිස් කුඩු 
ලුණු අවශ්‍ය පමණට
කෝන්පිටි මේස හැදි 1
සීසම් තෙල් තේ හැදි 1/4
ලූණු කොල මේස හැදි 5
Fortune තේල් අවශ්‍ය තරම්

සාදන ආකාරය

ඉස්සන් සහ කුකුල් මස් කැබලි මතට ලුණු, ගම්මිරිස්, කෝන්පිටි, බිත්තර සාරු ටිකක් දමා මිශ්‍රකර තබන්න. මීලගට සාස්පානක් ලිප තබා Fortune තෙල් ටිකක් දමා රත්වූ විට පදම්කරගත් දෑ එයට දමා හැදිගාමින් හොදට පිසගන්න. දැන් එයටම ග්‍රීන්පීස්, කළු හතු හා බිත්තරද එක්කර ගනිමින් දිගටම කූරුගාමින් හැදිගාන්න. එයටම පිසගත් බත්, රසකාරක, සීසම් තෙල්, කුඩාවට කපාගත්ළූණු කොල එකතු කර හොදට කලවම්කර මදගින්නේ විනාඩි 3ක් පමණ වේලා තබා ලිපෙන් බා ගන්න. දැන් එය රසබැලීමට ඔබට අවස්ථාව උදාවී තිබේ. 



Friday, July 24, 2015

ඉස්සන් සමග කජු

අවශ්‍ය ද්‍රව්‍ය

සුද්දකරගත් ඉස්සන් 100g
තම්බාගත් කඡු 50 g
ලොකු ළුනු ගෙඩි 1
සුදුළුනු බික් 4ක් හෝ 5ක්
තක්කාලි ගෙඩි 1
මිරිස්කුඩු තේ හැදි 2
තුනපහකුඩු තේ හැදි 2
කහ ස්වල්පයක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1
කුරැදුපොතු කැබැල්ලක්
අඹරාගත් අබ තේ හැදි 2
අවශ්‍ය නම් පොල්කිරි කෝප්ප 1/2
වතුර අවශ්‍ය පමණ
ලුණු කුඩු අවශ්‍ය පමණ
Fortune තෙල් මේස හැදි 2
රම්පේ
කරපිංචා
සේර කැබැල්ලක්
දෙකට පලා ගත් අමුමිරිස් කරල් 3-4ක්
සාදන අන්දම

ප්‍රථමයෙන් ලූනු, සුදුලූනු, තක්කාලි චොප් කරන්න. ඉන්පසු භාඡනයක් ළිප තබා Fortune තෙල් ස්වල්පයක් එක්කරන්න. තෙල් රත්වූ පසු ලූනු, සුදුලූනු, රම්පේ, කරපිංචා, කරැදුපොතු එකතු කරන්න. එකී ද්‍රව්‍ය රන්වන් පැහැ වූ පසු මිරිස්කුඩු, කහකුඩු, තුනපහකුඩු, ගම්මිරිස්කුඩු එකතු කර විනාඩි 2ක් මදගින්නේ පිසගන්න. ඉන්පසු එයට ඉස්සෝ එකතු කරන්න. ඉන්පසු අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරන්න. ඉස්සෝ මිශ්‍රණය හොදින් ඉදුණු පසු කඡු එකතු එකතුකර විනාඩි 2ක් හෝ 3ක් ඉදෙන්න හරින්න. ඉන්පසු අවශ්‍ය නම් පොල්කිරි කෝප්ප 1/2ක් පමණ එකතු කරන්න. ඉන්පසු අඹරාගත් අබ තේහැදි 2ක් හා අමුමිරිස්, තක්කාලි එකතුකර අවශ්‍ය ප්‍රමාණයට ලුණු දමා ළිපෙන් බාගන්න.


Friday, July 10, 2015

ඉඳි ආප්ප බුරියානි

අද අපි රසවත් ඉඳි ආප්ප බුරියානි හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය
ඉඳි ආප්ප 20
සිහින්ව ලියාගත් කැරට් ගෙඩි 1
ලූනු කොළ මිටක්
ලුණු ,ගම්මිරිස්
ප්ලම්ස් 50 g
Fortune තෙල් 
කහ ස්වල්පයක්
සාදන ක්‍රමය
ඉඳි ආප්ප කුඩා කැබලි වලට කඩන්න.දැන් Fortune තෙල් ලිප තබා රත්කර කැරට් සහ ලූනු කොළ දමා තෙම්පරාදු කන්න.පසුව ඉඳි ආප්ප, ලුණු ,ගම්මිරිස් හා කහ එකතු කර හොදින් කලවම් කර ගන්න.ඉවතට ගැනීමට පෙර ප්ලම්ස් එකතු කරන්න.


Wednesday, July 1, 2015

නාසි ගුරෙන්ග්


අද රසවත් නාසි ගුරෙන්ග් සාදන ආකාරය ඉගෙනගමු

අවශ්‍ය දුව්‍ය

පිසගත් බාස්මතී 400g
සිහින්ව කපාගත් ඉස්සන් හා කුකුල් මස් 250g බිත්තර 4
ලුණු අවශ්‍ය පමණට
සුදු ගම්මිරිස් ස්වල්පයක්
කොන්පිටි 2Tsp
තලාගත් බී ළූණු 2Tsp
තලාගත් සුදු ළූණූ 1TSP
ෆොර්චූන් කෝන් තෙල් 4Tsp
සෝයා සෝස් 2Tsp
චිලි පේස්ට් 3Tsp
තක්කාලි සෝස් 2Ts
සිහින්ව කපාගත් ළූණු 100g
බැදගත් බිත්තර 4
බැදගත් ඉස්සන්
පිසගත් චිකන් සාතේ 04
තක්කාලි ගෙඩියක්
පිපිඥ්ඥා කැබැල්ලක්
පාස්ලි පොකුරක්


සාදන ආකාරය

ප්‍රථමයෙන් සිහින්ව කපාගත් ඉස්සන් හා කුකුල් මස් කැබලි වලට ගම්මිරිස්, ලුණු, බිත්තර සුදුමද ටිකක් සහ කෝන්පිටි එකතු කර අතගා පදම් වන්නට හරින්න. දැන් ලොකු තාච්චියක් රත්කර එයට ෆොර්චූන් කෝන් තේල දමා රත්වූවිට පදම්කරගත් මස් ඉස්සන් පොඩිකරගත් බී ළූණු හා සුදු ළූණුද දමා තෙම්පරාදු කරගන්න. දැන් මෙය පිසින විට බිත්තර ටිකද කෙමෙන් එකතු කරමින් හැදගාමින් පිසින අතර සෝස් වර්ග ටිකද කලවම් කරගන්න. ඉන්පසු පිසගත් බත්ටිකද එකතු කරමින් රස අනුව ලුණුද ළූණු කොලද එකතු කරන්න. දැන් අනේක් පිලිගැනවීමට සූදානම් කරගත් දේවල්ද එකතු කර ආහාරයට ගන්න.


Thursday, June 11, 2015

බිම්මල් කරිය

බිම්මල් කියන්නේ අපි හැමෝම කැමති කෑමක් ඔන්න අද කියල දෙන්නේ බිම්මල් කරියක් හදන විදියයි. 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බිම්මල් ග්‍රෑම් 350 
  • කපාගත් රතුලූනු ග්‍රෑම් 50
  • කපාගත් අමු මිරිස් කරල් 04
  • සුදුලූනු බික් 04
  • කරපිංචා කිනිත්තක්
  • තුන පහ කුඩු තේ හැඳි 1/2
  • තක්කාලි ගෙඩි 01
  • පදමට ලුණු 
  • ෆොර්චූන් තෙල් මේස හැඳි 02 
  • මිටි කිරි අඩු කෝප්ප 01

සාදන ක්‍රමය

  • බිම්මල් තරමක ලොකු කෑලි වලට කපාගන්න. 
  • මැටි වලඳක් ලිප තබා එයට ෆොර්චූන් තෙල් එක්කර රත්වන විට රතුලුනු සුදු ලූනු අමු මිරිස් රම්පේ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න. 
  • දැන් මෙයට සියළුම තුනපහ වර්ග ද එකතු කර විනාඩි 02 ක් පමණ තෙම්පරාදු කර කපාගත් බිම්මල් ද එක්කර තවත් විනාඩි 04 ක් පමණ තෙම්පරාදු කර මිටිකිරි දමා හින්දවා ලිපෙන් ඉවතට ගන්න.



Monday, June 8, 2015

Onion rings


Ingredients:

1 egg
1/4 cup of Fortune cooking oil
1 cup of milk
1 cup of flour
1/2 tea spoon of salt
1 tea spoon of baking powder
2 large sweet onions, sliced
1/2 cup of flour for coating onions
Fortune cooking oil for frying 


Method:

Mix egg, oil and milk on low speed mixer for one minute. Add flour, salt, baking powder and mix until smooth. Coat the onion slices in flour and dip them in the batter. Fry them until they are golden brown.

Serve

Thursday, June 4, 2015

ලුණු කුඩු සහ ගම්මිරිස් මිශ්‍ර ඉස්සෝ

අවශ්‍ය ද්‍රව්‍ය:

ඉස්සෝ පවුම් එක හමාරක්
ගම්මිරිස් තේ හැන්දක්
ලුණු තේ හැදි එක හමාරක්
ෆොර්චුන් කුකින් ඔයිල්
කොටා ගන්නා ලද පෙපර් කෝර්න් තේ හැන්දක්
සිහින්ව කපා ගත් කොච්චි කරලක්
කරපින්චා

සාදන ක්‍රමය:

ඉස්සන් මැදින් පලා ගන්න. බදුනකට පලා ගත් ඉස්සන් දමා ගම්මිරිස් සහ ලුණු කුඩු එක්කර අනා ගන්න. තාච්චියකට ෆෝර්චුන් තෙල් දමා මද ගින්නේ රත් කර ගන්න. රන් වන් පැහැ ගැන්වෙන තුරු ඉස්සන් බැද ගන්න. පෙපර් කෝර්න්, කරපින්චා, කොච්චි සහ තවත් ලුණු කුඩු ස්වල්පයක් එක් කර අනා ගන්න. 


පිළිගන්වන්න.