අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 200 g
බටර් 20 g
බිත්තර 1
ලුණු ,ගම්මිරිස්
බේකින් පවුඩර් තේ හැදි ¼
තම්බා ගත් ඉස්සන් කීපයක්
ලූනු පෙති
Fortune තෙල්
සාදන ක්‍රමය
පාන් පිටි හා බේකින් පවුඩර් එකට හලා ගන්න. බටර් ලුණු ,ගම්මිරිස් බිත්තර පාන් පිටි යන සියල්ල එකට දමා ඝන මිශ්‍රණයක් සාදා පැය ½ක් පිපෙන්නට හරින්න.පසුව එම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ලෑල්ලක් මත තුනී කර රවුම් සාදා ගන්න.එවැනි රවුම් 10ක පමණ එක සමානව සාදා ගන්න.දැන් ඉන් රවුම් 5ක ගෙන ඒ මත ඉස්සෙක් හා ලූනු පෙත්තක් තබා අනෙක් රවුමෙන් වසන්නතදැන් ඒ රවුම් 02කම සීල් වන ආකාරයට ගෑරුප්පුවකින් වටේට තද කරන්න.මේ ආකාරයට සියල්ලම සාදාගත් පසු Fortune තෙල් යොදා රන්වන් පැහය එනතුරු බැදගන්න.
Welcome to the Official Blog of Fortune Cooking Oils - Sri Lanka. Cook healthy, Eat healthy, Stay healthy with Fortune Cooking Oils.
Friday, August 14, 2015
Friday, August 7, 2015
මාළු ඇඹුල්තියල්
අවශ්‍ය ද්‍රව්‍ය
කෙලවල්ලා හෝ තලපත් මාළු ග්‍රෑ 500
කුඩා ගොරකා කැබලි 5ක් පමණ
ලුණු වතුර
කරපිංචා
සාදන ආකාරය
පළමුවෙන්ම මාළු කැබලි වලට කපා සෝදාගෙන හොදින් දිය බේරාගන්න. දැන් ගොරකා තම්බා තලපයක් සේ අඹරා ගන්න. මෙයට ලුණු වතුර ස්වල්පයක් බැගින් ලුණු ඇඹුල් දැනෙන පදමට එක්කර ගන්න. දැන් මෙම මිශ්‍රණයට මාළු කැබලි එකතුකරන්න. ඉන්පසු මැටි හට්ටියක කරපිංචා තට්ටුවක් අතුරා ඊට උඩින් මාළු කැබලි අතුරා වැඩි ඉස්ම ප්‍රමාණයද එයට දමා වසා මදගින්නේ තබා හින්දවා ගන්න.
අවශ්‍ය නම් මෙයට ගම්මිරිස් කුඩු ස්වල්පයක්ද, බැදපු තුනපහ හැදි බාගයද, මිරිස්කුඩුද එකතුකර සාමාන්‍ය නිවසක මාළු මිරිසට සාදන ආකාරයට වුවද සාදා ගත හැකියි.
Sunday, August 2, 2015
Yeung Chow Fried Rice
අවශ්‍ය ද්‍රව්‍ය
කටු හා පොතු ඉවත්කරගත් ඉස්සන් ග්‍රෑ 100
කුකුල් මස් ග්‍රෑ 50
පිසගත් බාස්මතී බත් ග්‍රෑ 500
බිත්තර 4
තම්බාගත් ග්‍රීන් පීස් ග්‍රෑ 10
කුඩාවට කපන ලද කළු හතු හෝ බට්න් හතු ග්‍රෑ 10
රසකාරක තේ හැදි 1/2
සුදු ගම්මිරිස් කුඩු
ලුණු අවශ්‍ය පමණට
කෝන්පිටි මේස හැදි 1
සීසම් තෙල් තේ හැදි 1/4
ලූණු කොල මේස හැදි 5
Fortune තේල් අවශ්‍ය තරම්
සාදන ආකාරය
ඉස්සන් සහ කුකුල් මස් කැබලි මතට ලුණු, ගම්මිරිස්, කෝන්පිටි, බිත්තර සාරු ටිකක් දමා මිශ්‍රකර තබන්න. මීලගට සාස්පානක් ලිප තබා Fortune තෙල් ටිකක් දමා රත්වූ විට පදම්කරගත් දෑ එයට දමා හැදිගාමින් හොදට පිසගන්න. දැන් එයටම ග්‍රීන්පීස්, කළු හතු හා බිත්තරද එක්කර ගනිමින් දිගටම කූරුගාමින් හැදිගාන්න. එයටම පිසගත් බත්, රසකාරක, සීසම් තෙල්, කුඩාවට කපාගත්ළූණු කොල එකතු කර හොදට කලවම්කර මදගින්නේ විනාඩි 3ක් පමණ වේලා තබා ලිපෙන් බා ගන්න. දැන් එය රසබැලීමට ඔබට අවස්ථාව උදාවී තිබේ.
Friday, July 24, 2015
ඉස්සන් සමග කජු
අවශ්‍ය ද්‍රව්‍ය
සුද්දකරගත් ඉස්සන් 100g
තම්බාගත් කඡු 50 g
ලොකු ළුනු ගෙඩි 1
සුදුළුනු බික් 4ක් හෝ 5ක්
තක්කාලි ගෙඩි 1
මිරිස්කුඩු තේ හැදි 2
තුනපහකුඩු තේ හැදි 2
කහ ස්වල්පයක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1
කුරැදුපොතු කැබැල්ලක්
අඹරාගත් අබ තේ හැදි 2
අවශ්‍ය නම් පොල්කිරි කෝප්ප 1/2
වතුර අවශ්‍ය පමණ
ලුණු කුඩු අවශ්‍ය පමණ
Fortune තෙල් මේස හැදි 2
රම්පේ
කරපිංචා
සේර කැබැල්ලක්
දෙකට පලා ගත් අමුමිරිස් කරල් 3-4ක්
සාදන අන්දම
ප්‍රථමයෙන් ලූනු, සුදුලූනු, තක්කාලි චොප් කරන්න. ඉන්පසු භාඡනයක් ළිප තබා Fortune තෙල් ස්වල්පයක් එක්කරන්න. තෙල් රත්වූ පසු ලූනු, සුදුලූනු, රම්පේ, කරපිංචා, කරැදුපොතු එකතු කරන්න. එකී ද්‍රව්‍ය රන්වන් පැහැ වූ පසු මිරිස්කුඩු, කහකුඩු, තුනපහකුඩු, ගම්මිරිස්කුඩු එකතු කර විනාඩි 2ක් මදගින්නේ පිසගන්න. ඉන්පසු එයට ඉස්සෝ එකතු කරන්න. ඉන්පසු අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරන්න. ඉස්සෝ මිශ්‍රණය හොදින් ඉදුණු පසු කඡු එකතු එකතුකර විනාඩි 2ක් හෝ 3ක් ඉදෙන්න හරින්න. ඉන්පසු අවශ්‍ය නම් පොල්කිරි කෝප්ප 1/2ක් පමණ එකතු කරන්න. ඉන්පසු අඹරාගත් අබ තේහැදි 2ක් හා අමුමිරිස්, තක්කාලි එකතුකර අවශ්‍ය ප්‍රමාණයට ලුණු දමා ළිපෙන් බාගන්න.
Friday, July 10, 2015
ඉඳි ආප්ප බුරියානි
අද අපි රසවත් ඉඳි ආප්ප බුරියානි හදමු.
අවශ්‍ය ද්‍රව්‍ය
ඉඳි ආප්ප 20
සිහින්ව ලියාගත් කැරට් ගෙඩි 1
ලූනු කොළ මිටක්
ලුණු ,ගම්මිරිස්
ප්ලම්ස් 50 g
Fortune තෙල්
කහ ස්වල්පයක්
සිහින්ව ලියාගත් කැරට් ගෙඩි 1
ලූනු කොළ මිටක්
ලුණු ,ගම්මිරිස්
ප්ලම්ස් 50 g
Fortune තෙල්
කහ ස්වල්පයක්
සාදන ක්‍රමය
ඉඳි ආප්ප කුඩා කැබලි වලට කඩන්න.දැන් Fortune තෙල් ලිප තබා රත්කර කැරට් සහ ලූනු කොළ දමා තෙම්පරාදු කන්න.පසුව ඉඳි ආප්ප, ලුණු ,ගම්මිරිස් හා කහ එකතු කර හොදින් කලවම් කර ගන්න.ඉවතට ගැනීමට පෙර ප්ලම්ස් එකතු කරන්න.
Wednesday, July 1, 2015
නාසි ගුරෙන්ග්
අද රසවත් නාසි ගුරෙන්ග් සාදන ආකාරය ඉගෙනගමු
අවශ්‍ය දුව්‍ය
පිසගත් බාස්මතී 400g
සිහින්ව කපාගත් ඉස්සන් හා කුකුල් මස් 250g බිත්තර 4
ලුණු අවශ්‍ය පමණට
සුදු ගම්මිරිස් ස්වල්පයක්
කොන්පිටි 2Tsp
තලාගත් බී ළූණු 2Tsp
තලාගත් සුදු ළූණූ 1TSP
ෆොර්චූන් කෝන් තෙල් 4Tsp
සෝයා සෝස් 2Tsp
චිලි පේස්ට් 3Tsp
තක්කාලි සෝස් 2Ts
සිහින්ව කපාගත් ළූණු 100g
බැදගත් බිත්තර 4
බැදගත් ඉස්සන්
පිසගත් චිකන් සාතේ 04
තක්කාලි ගෙඩියක්
පිපිඥ්ඥා කැබැල්ලක්
පාස්ලි පොකුරක්
සාදන ආකාරය
ප්‍රථමයෙන් සිහින්ව කපාගත් ඉස්සන් හා කුකුල් මස් කැබලි වලට ගම්මිරිස්, ලුණු, බිත්තර සුදුමද ටිකක් සහ කෝන්පිටි එකතු කර අතගා පදම් වන්නට හරින්න. දැන් ලොකු තාච්චියක් රත්කර එයට ෆොර්චූන් කෝන් තේල දමා රත්වූවිට පදම්කරගත් මස් ඉස්සන් පොඩිකරගත් බී ළූණු හා සුදු ළූණුද දමා තෙම්පරාදු කරගන්න. දැන් මෙය පිසින විට බිත්තර ටිකද කෙමෙන් එකතු කරමින් හැදගාමින් පිසින අතර සෝස් වර්ග ටිකද කලවම් කරගන්න. ඉන්පසු පිසගත් බත්ටිකද එකතු කරමින් රස අනුව ලුණුද ළූණු කොලද එකතු කරන්න. දැන් අනේක් පිලිගැනවීමට සූදානම් කරගත් දේවල්ද එකතු කර ආහාරයට ගන්න.
Thursday, June 11, 2015
බිම්මල් කරිය
බිම්මල් කියන්නේ අපි හැමෝම කැමති කෑමක් ඔන්න අද කියල දෙන්නේ බිම්මල් කරියක් හදන විදියයි.
අවශ්‍ය ද්‍රව්‍ය
සාදන ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය
- බිම්මල් ග්‍රෑම් 350
- කපාගත් රතුලූනු ග්‍රෑම් 50
- කපාගත් අමු මිරිස් කරල් 04
- සුදුලූනු බික් 04
- කරපිංචා කිනිත්තක්
- තුන පහ කුඩු තේ හැඳි 1/2
- තක්කාලි ගෙඩි 01
- පදමට ලුණු
- ෆොර්චූන් තෙල් මේස හැඳි 02
- මිටි කිරි අඩු කෝප්ප 01
සාදන ක්‍රමය
- බිම්මල් තරමක ලොකු කෑලි වලට කපාගන්න.
- මැටි වලඳක් ලිප තබා එයට ෆොර්චූන් තෙල් එක්කර රත්වන විට රතුලුනු සුදු ලූනු අමු මිරිස් රම්පේ කරපිංචා දමා තෙම්පරාදු කරගන්න.
- දැන් මෙයට සියළුම තුනපහ වර්ග ද එකතු කර විනාඩි 02 ක් පමණ තෙම්පරාදු කර කපාගත් බිම්මල් ද එක්කර තවත් විනාඩි 04 ක් පමණ තෙම්පරාදු කර මිටිකිරි දමා හින්දවා ලිපෙන් ඉවතට ගන්න.
Subscribe to:
Posts (Atom)





