Thursday, September 17, 2015

මාළු ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

තෝර මාළු ග්‍රෑ 500
ලොකු ළූණු ගෙඩි 4
මාළු මිරිස් ග්‍රෑ 100
තක්කාලි ගෙඩි 2
අමු මිරිස් කරල් 5
මිරිස් කුඩු මේස හැදි 2
කෑලි මිරිස් තේ හැදි 1
තක්කාලි සෝස් මේස හැදි 5

Fortune  එළවළු තෙල් 
ඉගුරු ස්වල්පයක්

සාදන ආකාරය

තෝර මාළු කුඩා කැබලි වලට කපා සෝදා ලුණු, ගම්මිරිස් දමා අතගා විනාඩි 15ක් පමණ තබා Fortune එළවළු තෙල් යොදා ගැඹුරු තෙලේ බැද ගන්න. ලොකු ළූණු ගෙඩි 4ට පලා පියලි ගලවා ගන්න. මාළු මිරිස්වල ඇට ඉවත් කර කැමති හැඩයකට කපා ගන්න. තක්කාලි දිග අතට කපා ගන්න. තෙල් ලිපේ තබා රත්වූ විට තලාගත් ඉගුරු, සුදු ළූණු, කැපූ අමු මිරිස්, මාළු මිරිස්, ලුණු එකතු කරන්න. එය තෙම්පරාදු වූ විට කෑලි මිරිස්, මිරිස් කුඩු එක් කරන්න. තක්කාලි සෝස් හා වතුර ස්වල්පයක්ද එක් කරන්න. උකු ගතිය ඇතිවන විට තක්කාලි කැබලි දමා ඒවා තැම්බීගෙන ඒමට පෙර ලිපෙන් බා ගන්න.


Thursday, September 3, 2015

ඉස්සෝ ‍ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු ඉස්සන් ග්‍රෑ 500
බී ළූණු ග්‍රෑ 150
මාළු මිරිස් ග්‍රෑ 100
රතු තක්කාලි ග්‍රෑ 100
ගම්මිරිස් කුඩු තේ හැදි 2
ඔයිස්ටර් සෝස් තේ හැදි 2
චිලි සෝස් තේ හැදි 2
Fortune පොල්තෙල් හෝ එළවළු තෙල් කෝප්ප 1
කෝන්පිටි ග්‍රෑ 100
කහකුඩු ස්වල්පයක්
දෙහි ඇඹුල් තේ හැදි 2
පාසලි ග්‍රෑ 50
කජු මද ග්‍රෑ 20
ඉගුරු ඉස්ම කෝප්ප 1/2
ලුණු කුඩු අවශ්‍ය තරමට

සාදන ආකාරය 

ඉස්සන්ගේ ඔළු හා පොතු ඉවත් කරන්න. දැන් හොදින් සෝදා ගන්න. දැන් ලුණු කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු ටිකක් ඉස්සන්ගේ ගා ටික වේලාවක් තබන්න. Fortune තෙල් ලිපේ තබා රත්වන විට ඉස්සන් කෝන්පිටි වල තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

භාජනයක් ලිප තබා Fortune තෙල් තේහැදි 2ක් දමා රත් කරන්න. දැන් ඉගුරු ඉස්ම සෝස් වර්ග එකතු කරන්න. කපාගත් ළූණු, තක්කාලි, මාළු මිරිස්ද එකතු කරන්න. දැන් කජුමද ටික අඹරාගෙන එයද එකතු කරන්න. දෙහි යුෂ හා රසකාරකද යොදා හොදින් මිශ්‍ර කරන්න. ගම්මිරිස් කුඩු හා ලුණු කුඩුද මිශ්‍ර කරන්න. පැතලි දීසියක් ගෙන මෙම කරි මිශ්‍රණය ටිකක් දම්න්න. ඒ මතට බැදගත් ඉස්සන් අසුරන්න. ඉතිරි ටික ඉස්සන් උඩට වත් කරන්න. පාස්ලි කොල ටික කපා උඩින් ගසන්න.


Friday, August 14, 2015

පැටිස් නිවසේදී සාදා ගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි 200 g
බටර් 20 g
බිත්තර 1
ලුණු ,ගම්මිරිස්
බේකින් පවුඩර් තේ හැදි ¼
තම්බා ගත් ඉස්සන් කීපයක්
ලූනු පෙති

Fortune තෙල් 

සාදන ක්‍රමය

පාන් පිටි හා බේකින් පවුඩර් එකට හලා ගන්න. බටර් ලුණු ,ගම්මිරිස් බිත්තර පාන් පිටි යන සියල්ල එකට දමා ඝන මිශ්‍රණයක් සාදා පැය ½ක් පිපෙන්නට හරින්න.පසුව එම මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා ලෑල්ලක් මත තුනී කර රවුම් සාදා ගන්න.එවැනි රවුම් 10ක පමණ එක සමානව සාදා ගන්න.දැන් ඉන් රවුම් 5ක ගෙන ඒ මත ඉස්සෙක් හා ලූනු පෙත්තක් තබා අනෙක් රවුමෙන් වසන්නතදැන් ඒ රවුම් 02කම සීල් වන ආකාරයට ගෑරුප්පුවකින් වටේට තද කරන්න.මේ ආකාරයට සියල්ලම සාදා
ගත් පසු Fortune තෙල් යොදා රන්වන් පැහය එනතුරු බැදගන්න. 



Friday, August 7, 2015

මාළු ඇඹුල්තියල්


අවශ්‍ය ද්‍රව්‍ය

කෙලවල්ලා හෝ තලපත් මාළු ග්‍රෑ 500
කුඩා ගොරකා කැබලි 5ක් පමණ
ලුණු වතුර
කරපිංචා‍


සාදන ආකාරය

පළමුවෙන්ම මාළු කැබලි වලට කපා සෝදාගෙන හොදින් දිය බේරාගන්න. දැන් ගොරකා තම්බා තලපයක් සේ අඹරා ගන්න. මෙයට ලුණු වතුර ස්වල්පයක් බැගින් ලුණු ඇඹුල් දැනෙන පදමට එක්කර ගන්න. දැන් මෙම මිශ්‍රණයට මාළු කැබලි එකතුකරන්න. ඉන්පසු මැටි හට්ටියක කරපිංචා තට්ටුවක් අතුරා ඊට උඩින් මාළු කැබලි අතුරා වැඩි ඉස්ම ප්‍රමාණයද එයට දමා වසා මදගින්නේ තබා හින්දවා ගන්න. 

අවශ්‍ය නම් මෙයට ගම්මිරිස් කුඩු ස්වල්පයක්ද, බැදපු තුනපහ හැදි බාගයද, මිරිස්කුඩුද එකතුකර සාමාන්‍ය නිවසක මාළු මිරිසට සාදන ආකාරයට වුවද සාදා ගත හැකියි.




Sunday, August 2, 2015

Yeung Chow Fried Rice


අවශ්‍ය ද්‍රව්‍ය

කටු හා‍ පොතු ඉවත්කරගත් ඉස්සන් ග්‍රෑ 100
කුකුල් මස් ග්‍රෑ 50
පිසගත් බාස්මතී බත් ග්‍රෑ 500
බිත්තර 4
තම්බාගත් ග්‍රීන් පීස් ග්‍රෑ 10
කුඩාවට කපන ලද කළු හතු හෝ බට්න් හතු ග්‍රෑ 10
රසකාරක තේ හැදි 1/2
සුදු ගම්මිරිස් කුඩු 
ලුණු අවශ්‍ය පමණට
කෝන්පිටි මේස හැදි 1
සීසම් තෙල් තේ හැදි 1/4
ලූණු කොල මේස හැදි 5
Fortune තේල් අවශ්‍ය තරම්

සාදන ආකාරය

ඉස්සන් සහ කුකුල් මස් කැබලි මතට ලුණු, ගම්මිරිස්, කෝන්පිටි, බිත්තර සාරු ටිකක් දමා මිශ්‍රකර තබන්න. මීලගට සාස්පානක් ලිප තබා Fortune තෙල් ටිකක් දමා රත්වූ විට පදම්කරගත් දෑ එයට දමා හැදිගාමින් හොදට පිසගන්න. දැන් එයටම ග්‍රීන්පීස්, කළු හතු හා බිත්තරද එක්කර ගනිමින් දිගටම කූරුගාමින් හැදිගාන්න. එයටම පිසගත් බත්, රසකාරක, සීසම් තෙල්, කුඩාවට කපාගත්ළූණු කොල එකතු කර හොදට කලවම්කර මදගින්නේ විනාඩි 3ක් පමණ වේලා තබා ලිපෙන් බා ගන්න. දැන් එය රසබැලීමට ඔබට අවස්ථාව උදාවී තිබේ. 



Friday, July 24, 2015

ඉස්සන් සමග කජු

අවශ්‍ය ද්‍රව්‍ය

සුද්දකරගත් ඉස්සන් 100g
තම්බාගත් කඡු 50 g
ලොකු ළුනු ගෙඩි 1
සුදුළුනු බික් 4ක් හෝ 5ක්
තක්කාලි ගෙඩි 1
මිරිස්කුඩු තේ හැදි 2
තුනපහකුඩු තේ හැදි 2
කහ ස්වල්පයක්
ගම්මිරිස් කුඩු තේ හැදි 1
කුරැදුපොතු කැබැල්ලක්
අඹරාගත් අබ තේ හැදි 2
අවශ්‍ය නම් පොල්කිරි කෝප්ප 1/2
වතුර අවශ්‍ය පමණ
ලුණු කුඩු අවශ්‍ය පමණ
Fortune තෙල් මේස හැදි 2
රම්පේ
කරපිංචා
සේර කැබැල්ලක්
දෙකට පලා ගත් අමුමිරිස් කරල් 3-4ක්
සාදන අන්දම

ප්‍රථමයෙන් ලූනු, සුදුලූනු, තක්කාලි චොප් කරන්න. ඉන්පසු භාඡනයක් ළිප තබා Fortune තෙල් ස්වල්පයක් එක්කරන්න. තෙල් රත්වූ පසු ලූනු, සුදුලූනු, රම්පේ, කරපිංචා, කරැදුපොතු එකතු කරන්න. එකී ද්‍රව්‍ය රන්වන් පැහැ වූ පසු මිරිස්කුඩු, කහකුඩු, තුනපහකුඩු, ගම්මිරිස්කුඩු එකතු කර විනාඩි 2ක් මදගින්නේ පිසගන්න. ඉන්පසු එයට ඉස්සෝ එකතු කරන්න. ඉන්පසු අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරන්න. ඉස්සෝ මිශ්‍රණය හොදින් ඉදුණු පසු කඡු එකතු එකතුකර විනාඩි 2ක් හෝ 3ක් ඉදෙන්න හරින්න. ඉන්පසු අවශ්‍ය නම් පොල්කිරි කෝප්ප 1/2ක් පමණ එකතු කරන්න. ඉන්පසු අඹරාගත් අබ තේහැදි 2ක් හා අමුමිරිස්, තක්කාලි එකතුකර අවශ්‍ය ප්‍රමාණයට ලුණු දමා ළිපෙන් බාගන්න.


Friday, July 10, 2015

ඉඳි ආප්ප බුරියානි

අද අපි රසවත් ඉඳි ආප්ප බුරියානි හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය
ඉඳි ආප්ප 20
සිහින්ව ලියාගත් කැරට් ගෙඩි 1
ලූනු කොළ මිටක්
ලුණු ,ගම්මිරිස්
ප්ලම්ස් 50 g
Fortune තෙල් 
කහ ස්වල්පයක්
සාදන ක්‍රමය
ඉඳි ආප්ප කුඩා කැබලි වලට කඩන්න.දැන් Fortune තෙල් ලිප තබා රත්කර කැරට් සහ ලූනු කොළ දමා තෙම්පරාදු කන්න.පසුව ඉඳි ආප්ප, ලුණු ,ගම්මිරිස් හා කහ එකතු කර හොදින් කලවම් කර ගන්න.ඉවතට ගැනීමට පෙර ප්ලම්ස් එකතු කරන්න.